අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති තණමල්විල හම්බෙගමුව පුරාණ විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු සොයා බලයි

    සැප්තැම්බර් 05, 2014

    අද (05) දින සෙවණගල ප්‍රදේශයේ පැවැත්වෙන වැඩසටහන් රැසකට සහභාගි වී සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ අතරතුර තණමල්විල හම්බෙගමුව පුරාණ රජමහා විහාරස්ථානයට ගොස් එහි සංරක්ෂණ කටයුතු සොයා බැලීය.


    මේ විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. විහාරස්ථානයේ පැරණි චෛත්‍යයේ කැනීම් කටයුතු ද මේ වන විට සිදු කෙරෙන අතර ජනාධිපතිතුමා එය ද නිරීක්ෂණය කළේය.

     

    අද පෙරවරුවේ විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා පළමුව එහි බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

    පසුව විහාරාධිපති පූජ්‍ය කෝප්පකන්දේ සුමනතිස්ස නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන් වහන්සේගේ සුවදුක් විමසමින් සුහද පිළිසඳරක නිරත විය.

     

    ප්‍රදේශයේ මහා සංඝරත්නය ද මේ අවස්ථාවට වැඩම කර සිටි අතර ජනාධිපතිතුමා උන්වහන්සේලාගේ ද සුවදුක් විමසීය.



    ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සැලවීමෙන් ප්‍රදේශයේ අති විශාල ජනතාවක් විහාරස්ථානය වෙත රැස් ව සිටියහ.

     

    එම ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසමින් කතා බහක නිරත විය.



    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, සුමේධා ජී. ජයසේන, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි යන මහත්ම මහත්මීහු එක් ව සිටියහ.



    NDH/pmu_pix by Udesh Gunarathne

    02

     

     

    03

     

    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya