අපට දැන් නිදහස තිබෙනවා. ඒ නිදහස ලැබුවායින් පසුව අපේ දරුවන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ දරුවෝ ලෝකය දිනීමයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම අපි හදන්න ඕනෑ. මේ පාසලේ ඉතිහාසය ගැන අපි ඇසුවා. පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලයේ ලාංඡනය හදන්න තිබුණු තරගයකින් දෙවන ස්ථානය ඔබ පාසලේ ඉගෙනගත් ශිෂ්‍යයෙක් දිනාගත්තා. අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න පුළුවන් දරු පිරිසක් අපට ඉන්නවා. බැරි නැහැ. අපේ දරුවන්ට පුළුවන් යැයි ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
බුත්තල දුටුගැමුණු විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (04) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.
ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා. නිදහසින් පස්සේ 1970 දශකය වෙන තුරු විද්‍යාගාරයක් සහිත පාසල් තිබුණේ එකයි නම් ඒ අසාධාරණය කුමක්ද? එතකොට යාපනයේ පාසල් 37ක් තිබුණා. එය හොඳයි. නමුත් අපිටත් ඒ අයිතිය තිබෙන්න ඕනෑ. ඒ අධිරාජ්‍යවාදීන් අපිට සලකපු හැටි. ඒකයි එහි තේරුම. අපි මහින්දෝදය විද්‍යාගාර දෙනකොට ගම්වල පාසල් දහසකට එකවර ලබාදුන්නා. දන් අටසිය ගණනක් හදලා තිබෙනවා. අපි උතුරේ දරුවන්ට මේ විද්‍යාගාර 96ක් දුන්නා. ත‍්‍රස්තවාදයෙන් පසු අපි ඒ දේවල් ඒ පළාතට හදලා දීල තිබෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කරන ලද කතාව මෙසේයි.
මම ඔබට සුබ පතනවා. බුත්තල ඉතිහාසය දුටුගැමුණු රජතුමාත් සමඟ බද්ධ වෙලා තිබෙනවා. ජනප‍්‍රවාදයේ සඳහන් වෙන්නේ බත්ගල කියලයි.
මේ මහා ඉතිහාසයක් තිබෙන ප‍්‍රදේශයක් මහ රුහුණට අයිති වෙන්නේ. මහා ඉතිහාසයකට තිබුණු අපේ අයිතිය පසුව අධිරාජ්‍යවාදීන් විනාශ කළා. ඒවා කැළෑවට යට කළා. වැව් අමුණු කඩා විනාශ කළා. 1818 නැගිටීමත් සමඟ එදා නිදහස් සටනත් සමඟ මේ රටේ හිටපු පිරිමින් මරා දැමුවා. දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලාව මරා දැමුවා. ඒ අය තමයි අපිට මානව අයිතිය ගැන උගන්වන්නේ යන්නේ. ඒ අය අදත් ඒ දේ කරනවා. එහෙම ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා.
අපට දැන් නිදහස තිබෙනවා. ඒ නිදහස ලැබුවායින් පසුව අපේ දරුවන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ දරුවෝ ලෝකය දිනීමයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම අපි හදන්න ඕනෑ. මේ පාසලේ ඉතිහාසය ගැන අපි ඇසුවා. පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලයේ ලාංඡනය හදන්න තිබුණු තරගයකින් දෙවන ස්ථානය ඔබ පාසලේ ඉගෙන ගත් ශිෂ්‍යයෙක් දිනාගත්තා. අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න පුළුවන් දරු පිරිසක් අපට ඉන්නවා. අපේ දරුවන්ට පුළුවන්. බැරි නැහැ. ඒ අවස්ථාවයි අපට ඉතිහාසයේ ලැබුණේ නැත්තේ. එදා කන්නන්ගර මැතිතුමා අපට නිදහස් අධ්‍යාපනය දුන්නත් 1970 යුගයේ ඒ ශ්‍රේණියේ පාසල් තිබුණේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයට එකයි. මොනරාගල දිස්ති‍්‍රක්කයට එකයි. විද්‍යාව, වාණිජ ඉගෙනගන්නවා නම් එයට තමයි යා යුත්තේ. ඒ තමයි අපිට තිබුණු පරිසරය. සමහරුන්ට එය අමතක වෙලා.
ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා. නිදහසින් පස්සේ 1970 දශකය වෙන තුරු විද්‍යාගාරයක් සහිත පාසල් තිබුණේ එකයි නම් ඒ අසාධාරණය කුමක්ද? එතකොට යාපනයේ පාසල් 37ක් තිබුණා. එය හොඳයි. නමුත් අපිටත් ඒ අයිතිය තිබෙන්න ඕනෑ. ඒ අධිරාජ්‍යවාදීන් අපිට සලකපු හැටි. ඒකයි එහි තේරුම. අපි මහින්දෝදය විද්‍යාගාර දෙන කොට ගම්වල පාසල් දහසකට එකවර ලබාදුන්නා. දැන් අටසිය ගණනක් හදලා තිබෙනවා. අපි උතුරේ දරුවන්ට මේ විද්‍යාගාර 96ක් දුන්නා. ත‍්‍රස්තවාදයෙන් පසු අපි ඒ දේවල් ඒ පළාතට හදලා දීලා තිබෙනවා.
අද පරිගනක 74ක් මේ පාසලට ලැබෙනවා. 2005 වෙනකොට ලංකාවේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව 3%යි. ඒත් කොළඹ නගරය අවට ප‍්‍රදේශයේ. අද එය 50%කට වඩා වැඩියි. 2016 වෙනකොට එය 70%ක මට්ටමට ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ ජනගහනයෙන් 96%කට සාක්ෂරතාව තිබෙනවා. අපේ දරුවන්ට අලුත් තාක්ෂණය උගන්වන්න ඕනෑ. අපි දරුවන්ට අද උගන්වන්නේ නව ලෝකයකට යන්න. ඔවුන් නව ලෝකය ජයග‍්‍රහණය කරන්න ඕනෑ. ඒ සඳහා තොරතුරු තාක්ෂණය දැනගන්න ඕනෑ. අපි දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ යන්තමින් විභාගය සමත්වීම නෙවෙයි. ලෝකය ජයග‍්‍රහණය කරන්නයි.
දෙමාපියන් පාඩම් කරන්න කියලා දරුවන්ට නිතර ම කරදර කරන්න එපා. එහෙම කරන්න එපා. දරුවන්ට සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. ජය පරාජය භුක්ති විඳින්න ඉගෙනගන්න ඕනෑ කුඩා කාලයේ ඉඳලම. කී‍්‍රඩාවට සම්බන්ධ වෙන්න ඕනෑ. එයින් අපි ජයග‍්‍රහණයක් ලබන්න පුළුවන්. අපි දිනනවා වගේ ම පරදින්නත් පුළුවන්.
අපි ජයග‍්‍රහණයෙන් උදම් වෙනවා වගේ ම පරාජයේ දී බිම වැටෙන්න නරකයි. සමහරු සුළු පරාජයකදී වුණත් කඩා වැටෙනවා. අපි දිනුම පැරදුම හැම දෙයකට ම මුහුණ දීලා තිබෙන නිසා හොඳයි. සමහරු කියනවා මම සිරගත ව සිටියා කියලා. මට එයත් පුරුදුයි. එයත් මට වාසියක් වුණා. ඒ අත්දැකීම් අපි දැක්කා. අපිට සිරගෙවල් පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒවා පුනරුත්ථාපන කඳවුරු බවට පත්කිරීමට අවශ්‍ය බවයි අපි කියන්නේ. අපි ජීවිතේ හැම දෙයට ම පුරුදු වෙන්න ඕනෑ. දේශපාලනඥයෙක් වුණත් දිනුම පැරදුම පිළිගන්න ඕනෑ. දින්නම ඕනෑවට වඩා උදම් වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේ ම පැරදුනාම එය පිළිගන්නත් අපි පුරුදු වෙන්න ඕනෑ. ඒක පුරුදු වෙන්නේ පාසලින්, ක‍්‍රීඩාවෙන්, ගෙවල්වලින්. ඒ නිසා දෙමාපියන් ඒවාට දරුවාට ඉඩ දෙන්න ඕනෑ. දරුවන්ගේ සුරතල් කාලය භුක්ති විඳින්න ඔවුන්ට ඉඩ දෙන්න ඕනෑ.
දරුවන්ට කරන්න වෙන කාර්යයක් නැහැ. ඔබට දරුවා ගෙදර රඳවාගන්න බැහැ පාසල් යවන්නේ නැතිව. එක එක කාර්යයන්වලට ගෙදර නවතාගන්න බැහැ. එහෙම වුණොත් දරුවන්ට අවස්ථාව නැතිවෙනවා. මේවා අපි අත්දැකීමෙන් දැකලා තිබෙනවා. 70 ගණන්වල සිට දේශපාලනයේ හිටපු නිසා, මිනිසුන් සමඟ ජීවත්වුණු නිසා. උසාවියේ කටයුතු කළ නිසා අපි මේවා දැකලා තිබෙනවා. අපි හැමපැත්තක් දෙසම බලන්න පුරුදු වෙලා තිබෙනවා. දරුවන් තමන්ගේ පාඩම් පොත හරියාකාරව කරන්න. මේ තරගකාරී ලෝකය දිනන්න.
සමහර පාසල්වල ගණිතය අසමත් නම් එදා උසස් පෙළ කරන්න ඉඩ දුන්නේ නැහැ. ළමයින් පාසලින් එළියට යවනවා. දරුවෝ ඒ නිසා විවිධ තැන්වල ඇවිදිනවා අපි දැකලා තිබෙනවා. ඒ අනුව අපි තීරණය කළා දරුවන්ට පාසලේ ඉන්න ඉඩ තිබෙන්න ඕනෑ කියලා. දරුවන්ට දැන් අවස්ථාවක් තිබෙනවා. දරුවාට විද්‍යාව, තාක්ෂණය, භාෂාව, ගෘහ විද්‍යාව, කෘෂිකර්මය ආදී වෙනත් අංශවලින් ඉදිරියට යන්න අවස්ථාව දෙන්න ඕනෑ. එහෙම නැතුව ගෙදර යවන්න බැහැ. අපි ඔබේ දරුවා කෙරෙහි බලාගෙන ඉන්නවා.
මම පළාත් සභාවට ස්තූතිවන්ත වෙනවා මේ කාලය තුළ මේ පළාත අධ්‍යාපනයෙන් ඉදිරියට ගෙන ඒම පිළිබඳව. යාපනයට ඇරුණාම අධ්‍යාපනය අතින් ඉදිරියට ඇවිත් තිබෙන්නේ ඌව පළාත. මේ ජයග‍්‍රහණය ලබාගෙන මේ දරුවන්ට තමන්ගේ අනාගතය හදලා, ලෝකය ජයගන්න. ඔබට ඉංග‍්‍රීසී භාෂාව ඉගෙනගන්න පුළුවන්. එක් දිනක් වෙන කර ගන්න ඉංගී‍්‍රසී භාෂාවෙන් කතා කරන්න. ඒ වගේ ම දෙමළ භාෂාව හා වෙනත් භාෂාවන් ඉගෙනගන්න පුළුවන්. දිස්ති‍්‍රක් ලේකම්තුමාට මොනරාගල පත්වීම් අරගෙන එනකොට සිංහල වචනයක්වත් බැහැ. නමුත් පසුගිය දිනක පැවති උත්සවයේදී එතුමා සිංහල භාෂාවෙනුයි සම්පූර්ණ පිළිගැනීමේ කතාව කළේ. මම ඒ අභියෝගය රාජ්‍ය නිලධාරීන්ට ලබා දුන්නා. අපි භාෂාව ඉගෙනගන්න ඕනෑ. භාෂාව ඉගෙනගෙන අපි භාෂාවෙන් සමාන වෙන්න ඕනෑ. නැත්නම් සැකයක් ඇති වෙනවා. ඔබට මේ භාෂාගාරයෙන් භාෂාව ඉගෙනගැනීමේ අවස්ථාව දී තිබෙනවා. මේ රටේ ඉදිරියට යන්න, ලෝකය ජයග‍්‍රහණය කරන්න ඔබට ශක්තිය, වාසනාව ලැබේවා!.
ඔබට සුබ අනාගතයක්
NDH/priu