අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම පුරවැසියෙකුගේ ම ජීවිත සමෘද්ධිමත් කිරීමට පහසුකම් ලබාදෙනවා

    සැප්තැම්බර් 05, 2014
    මේ රටේ ජීවත්වන සෑම පුරවැසියෙකුගේ ම ජීවිත සමෘද්ධිමත් කිරීමට හැකි සෑම පහසුකමක් ම ලබාදීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. 
     
    ජනාධිපතිතුමා මේ බව පැවසුවේ ඊයේ (04) මොනරාගල ද්‍රවිඩ ජනතාව හමුවු අවස්ථාවේ දීය.
     
    වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ එකම රජය වත්මන් රජය බවත් වතුකරයේ කොතැනක වේවා රටේ සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම රජයේ අරමුණු බවත් පැවසීය.
     
    එමෙන් ම කිසිදු භේදයකින් තොර ව සෑම නිවසකට ම විදුලිය ලබාදීමට ද රජය කටයුතු කළ අතර රටේ ජීවත්වන සියලු ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම රජයේ ඊළඟ ඉලක්කය බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
     
    වතුකරයේ ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් නැංවීමට ද රජය විශේෂ වැඩකොටසක් ඉටු කළ අතර අද එම ජනතාවගේ ආදායම් මාර්ග ද ඉහළ ගොස් ඇති පෙන්වා දුනි.
     
    රටේ ජනතාව නොමග යවමින් විපක්ෂය ගෙනයන අසත්‍ය ප්‍රචාර පිළිබඳ ව ද මෙහිදී අඳහස් දැක්වු ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ බොරු ප්‍රචාර නොකර සත්‍ය කථාකර ජනතාව සමඟ වැඩකරන ලෙස තමා විපක්ෂයට පවසන බවයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya