අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුත්තල දුටුගැමුණු විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට

    සැප්තැම්බර් 04, 2014
    ඌව පළාතේ දරුවන්ගේ ද තොරතුරු තාක්ෂණ දැණුම ඉහළ නැංවීමේ අරමුණින් ඌව පළාතේ පාසල් රැසකට මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ බුත්තල දුටුගැමුණු මහා විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය අද (04) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.
     
    මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පැවරීමට පැමිණි ජනාධිපතිතුමාට එහි ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබුණි.
     
    විද්‍යාලය අවට රැස්ව සිටි අති විශාල ජනකාය මහත් හරසරින් යුතුව ජනාධිපතිතුමාව පිළිගත්තේය.
     
    සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකෙරුණු විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව සොයා බැලීය.
     
    ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන විජිත් විජිතමුණි ද සොයිසා, ජගත් පුෂ්පකුමාර, මහින්ද අමරවීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, ඉන්දික බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    DB
     
    HE battala dutugemunu mahindodaya 1
     
     
    HE battala dutugemunu mahindodaya 2
     
    HE battala dutugemunu mahindodaya 3
     
    HE battala dutugemunu mahindodaya 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya