මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මල්වත්තාවල ජාතික පාසලේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනපති අතින් සිසු අයිතියට

    සැප්තැම්බර් 04, 2014

    වැල්ලවාය, මල්වත්තාවල ජාතික පාසලේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (04) පස්වරුවේ සිසු අයිතියට පැවරිණි.


    එහි සමරු ඵලකය නිරාවරණය කරමින් මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය පාසල් සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව ද සොයා බැලීය.


    දෙමාපියන් ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මල්වත්තාවල ජාතික පාසල අවට රැස්ව සිටි අතර ඔවුහු ද මහත් හරසරින් යුතු ව තම රාජ්‍ය නායකයාව පිළිගත්හ.

    ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන විජිත් විජිතමුණි ද සොයිසා, ජගත් පුෂ්පකුමාර, මහින්ද අමරවීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, ඉන්දික බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහත්වරු ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/pmu_pix by : Udesh Gunarathna

    02

     

     

    03

     

    04

     

    05

     

    06

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya