ශ්‍රී ලංකාවේ ප්‍රකට වෘත්තීය සමිති නායකයෙකු මෙන් ම මෙරට වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වු ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් පිලිප්ස් බාලේන්ද්‍රන් තම්පෝ මහතාගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (03) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.
ඒ මහතාගේ දේහය තැම්පත් කර ඇති කොළඹ 03 කොල්ලුපිටිය සී.එම්.යූ. ප්‍රධාන කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක් වූ අතර පවුලේ ඥාතීන්ට සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.
DB