මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව ආසියාවේ නැඟී එන රටක් බවට පත්වෙලා

    සැප්තැම්බර් 03, 2014
    ආර්ථිකය කඩා වැටී තිබූ රටක් වෙනුවට  ආසියාවේ නැඟී එන රටක් බවට අද ශ්‍රී ලංකාව පත්වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) බදුල්ල වින්සන්ට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 63වැනි පක්ෂ සමුළුවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
     
    "සමස්ත ආර්ථිකය ම කඩා වැටී දුර්වල ව පැවැති රටක් අපට දුන්නේ. ඒ වෙලාවේ තමයි මහින්ද චින්තනය, මහින්ද චින්තන ඉදිරි දැක්ම ඉදිරිපත් කළේ. අද රටට මොකද වෙලා තියෙන්නේ. අද ආසියාවේ නැඟී එන රටක් බවට පත්වෙලා තිබෙනවා". 
     
    වර්තමාන ශ්‍රී ලංකාව සමස්ත ආසියාව, ලතින් ඇමෙරිකානු රටවල් සමඟ අලුතින් ජාත්‍යන්තර සබඳතා ඇතිකරගත් රටක් බවට පත් වී ඇති බවත් ජපානය, චීනය, ඉන්දියාව පමණක් නොව ලෝකයේ අනෙකුත් රටවල නායකයන් සමඟ දැඩි සම්බන්ධතා ඇති කරගත් බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
     
    ප්‍රථම වරට චීන ජනාධිපතිවරයෙක්, වසර විසි ගණනකට පසු දෙවැනි වරට චීන අග්‍රාමාත්‍යවරයෙක් ලංකාවට පැමිණෙන බවත් ඒ අය ගෙන්වාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කරගන්න අපට හැකියාව ලැබුණා.
     
    ගම්බද පාසල්, රෝහල්, සුළු වාරිමාර්ග අතහැරලා දාලා තිබුණේ. කුඹුරු කරන්නේ නැති ව ඒවා ගොඩකරන්න කියපු නායකයෝ හිටපු රටක් අපට භාරදුන්නේ. වාරිමාර්ග කෙරෙහි, ගොවිතැන කෙරෙහි විශ්වාසයක් නැහැ. ඒ අයම අද සමහර වෙලාවට කියනවා අපි ආවම වීවලට හොඳ මිලක් ලබාදෙනවා කියලා. ඒ නිසා තමයි අපි වීවලට මිලක් දී තිබෙන්නේ.
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුයේ රටේ ජාතික නිදහස සම්පූර්ණ කර පොදු ජනතාවගේ උරුමය ලබාදීමට බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය. 
     
    DB
     
    HE BADULLA 1
     
     
    HE BADULLA 2
     
    HE BADULLA 3
     
    HE BADULLA 4
     
    HE BADULLA 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya