අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලේ වතු පාසල් ඇතුළු පාසල් රැසක මහින්දෝදය විද්‍යාගාර සිසු අයිතියට

    සැප්තැම්බර් 03, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් බදුල්ල දිස්ත්‍රික්කයේ දරුවන් වෙනුවෙන් ඉදිකෙරුණු තවත් මහින්දෝදය විද්‍යාගාර 04ක් අද (03) සිසු අයිතියට පවරා දෙනු ලැබීය.


    ඒ අනුව පළමු බදුල්ල පස්සර බිබිලේගම මහා විද්‍යාලයේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පැවරිණි.


    අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කළ පරිගණක 40කින් යුත් පරිගණක විද්‍යාගාරයකින්, පරිගණක 20කින් යුත් භාෂාගාරයකින්, ගණිතාගාරයකින්, නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකයකින් හා උසස් පෙළ විද්‍යාගාරයකින් මෙම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සමන්විත විය.


    එය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීය.

     

    වතුකරයේ දරුවන් වෙනුවෙන් බදුල්ල ගෝනකැලේ දෙමළ මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

     

    සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ විද්‍යාගාරයක් ලෙස මෙය ඉදිකොට ඇත. විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමාව එහි ළමුන් විසින් අති උත්කර්ෂවත් අයුරින් පිළිගනු ලැබීය.

     

    අනතුරුව පස්සර මහා විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය විද්‍යාගාරය ද සිසු අයිතියට පැවරිණි. සමරු ඵලකය නිරාවරණය කරමින් එම විද්‍යාගාරය සිසු අයිතියට පැවරු ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

     

    අවසාන වශයෙන් ලුණුගල රාම ක්‍රිෂ්ණ දෙමළ මහා විද්‍යාලයේ ඉදිකෙරුණු මහින්දෝදය විද්‍යාගාරය ද ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි. විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමාව එහි සිසු සිසුවියෝ සිය චාරිත්‍ර ඉටු කරමින් මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබූහ.

     

    විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා විදුහල්පතිවරයා, ආචාර්ය මණ්ඩලය මෙන් ම දරුවන්ගේ ද තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත විය.

     

    අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවන්ට එක් ව සිටියහ.

     

    DB/HC

    President Vests Mahindodaya Technological Laboratories

    President Vests Mahindodaya Technological Laboratories 1

    President Vests Mahindodaya Technological Laboratories 2

    President Vests Mahindodaya Technological Laboratories 3

    President Vests Mahindodaya Technological Laboratories  4

    President Vests Mahindodaya Technological Laboratories 6

    President Vests Mahindodaya Technological Laboratories 5

    President Vests Mahindodaya Technological Laboratories 7

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya