මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආදිවාසී ජනතාවට විකල්ප ඉඩම් ලබාදුන්නා

    අප්‍රේල් 08, 2014

    1983දී ඉදිකළ මාදුරු ඔය, උල්හිටිය හා හේනානිගල ව්‍යාපෘති ආරක්ෂා කිරීම සඳහා ඒ ප්‍රදේශවල සිටි ආදිවාසී ජනතාවට විකල්ප ඉඩම් ලබා දී ඔවුන්ගේ පාරම්පරික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා හැඳුනුම්පත් ද ලබා දුන් බව වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගාමිණී විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


    දඹාන ප්‍රදේශයේ ජීවත් වන ආදිවාසී ජනතාව, මහවැලි අධිකාරිය ලබාදුන් විකල්ප ඉඩම් හා හැඳුනුම්පත් භාර නොගත් බව පැවසූ අමාත්‍යවරයා වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත සක්‍රීයව ක්‍රියාත්මක කළ යුතු බව ද කීය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya