මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහපොළ ශිෂ්‍යත්වලාභීන් 11,000ක්

    අප්‍රේල් 08, 2014

    මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ශිෂ්‍යත්වලාභීන් 11,000ක් සිටින බවත් පසුගිය වසර පහ, හය තුළ ශිෂ්‍යත්වලාභීන් දෙගුණ වී ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


    පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

    මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල මඟින් වසරකට ගෙවන ශිෂ්‍යත්ව මුදල හා සිසුන් ප්‍රමාණය තීරණය කරනු ඇත. ශිෂ්‍යත්වලාභීන් සඳහා ලබා දෙන මුදලට අමතරව රුපියල් 300ක මුදලක් විශ්වවිද්‍යාලය හරහා රජය මඟින්ද ලබා දෙන බව ඔහු පෙන්වා දුන්නේය.


    මේ වනවිට මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ ගෙවීම් වැඩි කිරීමට අය වැය ලේඛනය මඟින් ප්‍රකාශ කළ පරිදි මහා භාණ්ඩාගාරය හා තවත් අමාත්‍යාංශ සාකච්ඡා පවත්වයි. 2006 දී ජනාධිපතිතුමා රුපියල් 500ක මුදලක් වැඩි කළේය. වැඩි කිරීමට සාකච්ඡාවලින් එකඟ වූ පසු අදාළ මුදල වැඩි කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya