අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා පෝසිලේන් සමාගම නව නිෂ්පාදන කට්ටලයක් ජනපතිට පිළිගන්වයි

    අප්‍රේල් 08, 2014

    නොරිටාකේ ලංකා පෝසිලේන් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද නවතම පිඟන් භාණ්ඩ කට්ටලයක් ඊයේ (07) පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.

    ජනාධිපතිතුමා කම්කරු අමාත්‍යවරයාව සිටියදී සිට සෑම වසරකම මෙම සමාගම තම නවතම නිෂ්පාදනයේ පළමු කට්ටලය ජනාධිපතිතුමා වෙත පිරිනමයි.

     

    බෝන් චයිනා වර්ගයට අයත් මෙම පිඟන් කට්ටලය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමේ අවස්ථාවට නොරිටාකේ ලංකා පෝසිලේන් සමාගමේ උප සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ යොෂිනරි ෂිමායා මහතා සහ එම සමාගමේ උපදේශක නිමල් පෙරේරා, සාමාන්‍යාධිකාරී සුජාතා එගොඩගෙදර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya