අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති බිබිල උණගොල්ල පුරාණ රජමහා විහාරාධිපති හිමියන්ගේ සුවදුක් විමසයි

    සැප්තැම්බර් 01, 2014
    බිබිල උණගොල්ල පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති ඌව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය හෙවිල්වෙල ශ්‍රී සුනන්ද හිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (31) පස්වරුවේ එම විහාරස්ථානය වෙත ගියේය.


    ඌව පළාතේ පැවති උත්සව සහ වැඩසටහන් රැසකට ද සහභාගි වූ ජනාධිපතිතුමා අනතුරුව පූජ්‍ය හෙවිල්වෙල ශ්‍රී සුනන්ද හිමිපාණන් වහන්සේ බැහැදැක උන් වහන්සේ සමඟ පිළිසඳරක නිරත විය.

     

    විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්හි නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

     

    විහාරස්ථානයේ පිවිසුම් දොරටුව අභියස ඉසිකෙරෙන අඩි 32ක් උස ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිර්මාණ කටයුතු ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීම සැලවීමෙන් පසු ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් විහාරස්ථානය වෙත රැස්ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු ද විමසීය.

    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya