අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යශෝදරා බාලිකා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය ජනපති අතින් සිසු අයිතියට

    සැප්තැම්බර් 01, 2014

    මොනරාගල, බිබිල යශෝදරා බාලිකා විද්‍යාලයේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (31) පස්වරුවේ සිසු අයිතියට පැවරුණි.


    අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කළ  පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයකින්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරයකින්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයකින් හා උසස් පෙළ සිසුන් සඳහා විද්‍යාගාරයකින් මෙය සමන්විත වේ. 


    සමරු ඵලකය නිරාවරණය කර විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරතවෙමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසීය.

    පාසල වෙත පැමිණි ජනාධිපතිතුමාව එහි සිසු දරුවන් මහත් හරසරින් යුතුව පිළිගත් අතර තම ආදරණීය නායකයාණන් සමඟ සුහද කතා බහක ද නිරත වූහ.

    තම නිර්මාණ කිහිපයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමට ද සිසු දරුවන් අමතක නොකළ අතර වීවලින් හා කුරහන්වලින් නිමකරන ලද ජනාධිපතිතුමාගේ සේයාරුවක් ද ඒ අතර විය.

    ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් විද්‍යාලය වෙත රැස්ව සිටි අතර ඔවුන් සමඟ  ද ජනාධිපතිතුමා සුහද කතා බහක නිරතව ඔවුන්ගේ තොරතුරු ද විමසීය.

    අමාත්‍යවරුන් වන විජිත් විජිතමුණි සොයිසා, සුමේධා ජී. ජයසේන, නිර්මල කොතලාවල, ෆීලික්ස් පෙරේරා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මර්වින් සිල්වා, එස්.එම්. චන්ද්‍රසේන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සරත් වීරසේකර, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්ම මහත්මීහු මීට එක්ව සිටියහ. 

    NDH/pmu_pix by Sudath Silva 

    02

     

     

    03

     

    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya