අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය ඔසුසැල්වලින් ලක්ෂ 42ක ලාභයක්

    අප්‍රේල් 08, 2014

    2012 වසර අවසන් වන විට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අලෙවි මධ්‍යස්ථාන මඟින් රුපියල් 42 ලක්ෂ 62095ක ලාභයක් ලැබී ඇති අතර බදු ගෙවීමට පෙර එම ආදායම ලක්ෂ 67ක් බවද දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    ජනතාවට පහසුවෙන් සේවා සැපයීමට දිවයින පුරා ඔසුසැල් ආරම්භ කර තිබේ. පාරිභෝගික අවශ්‍යතා නිසි වේලාවට සැපයීමට උත්සාහ දැරුව ද එසේ ඉල්ලුමට අනුව ඖෂධ සැපයිය නොහැකි අවස්ථා ද තිබේ. නිෂ්පාදන ධාරිතාව මදිකම, වියළි ඖෂධ සැපයීමේ ප්‍රමාදය, දේශීයව සපයා ගත නොහැකි සමහර ඖෂධ විදේශීය රටවලින් සපයා ගැනීමේදී ඇති වන ප්‍රමාදය මීට හේතු වන බවත් ඇතැම් ඖෂධ වර්ග ආයුර්වේද සංස්ථාවෙන් සපයා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya