අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියට්නාම් මහජන ආරක්ෂක ඇමති ජනපති හමුවෙයි

    අප්‍රේල් 08, 2014
    වියට්නාමයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ජනරාල් ට්‍රෑන් දායි ක්වැං (Prof. Gen. Train Dai Quang) මහතා ඊයේ (07) සවස අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය. 
     
    මහජන ආරක්ෂාව නීතිය හා සාමය යන ක්ෂේත‍්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය අරමුණු කොටගත් නිල චාරිකාවක් සඳහා ඔහු ශ‍්‍රී ලංකාවට පැමිණ සිටියේය. 
     
    ඇමතිවරයා පිළිගත් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා අන්තර්ජාතික වේදිකාවල දී විශේෂයෙන් පසුගිය දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසි වාරයේ දී වියට්නාමයෙන් ශ‍්‍රී ලංකාවට ලැබුණු අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව ස්තුතිය පුද කළේය. ශ‍්‍රී ලංකා රජය සහ ජනතාව මෙන්ම ශිෂ්‍ය අවදියේ සිට තමා ද වියට්නාම් ජනතාව විදේශ ආධිපත්‍යයට එරෙහිව ගෙන ගිය වීරෝදාර අරගලයට දුන් සහය ජනාධිපතිතුමා විසින් සිහිපත් කරනු ලැබීය. 
     
    ශ‍්‍රී ලංකාව තම රටට දක්වන සහයෝගය අගය කළ මහාචාර්ය ක්වැං මහතා දෙරට ජනතාවන්ගේ ප‍්‍රයෝජනය සඳහා පමණක් නො ව කලාපයේ දිගුකාලීන සාමය සංවර්ධනය සහ ආරක්ෂාව උදෙසා ද දෙරට අතර පවත්නා සාම්ප‍්‍රදායික මිත‍්‍රත්වය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව පැවසීය. 
     
    නුදුරු අනාගතයේ දිනක යළිත් වරක් සිය රටේ චාරිකාවක් සඳහා එන්නැයි වියට්නාම් අමාත්‍යවරයා ජනාධිපතිතුමාට ඇරයුම් කළේය. 
     
    ශ‍්‍රී ලංකාවේ වියට්නාම් තානාපති ටොන් සින් තාන් (Ton Sinh Thanh) විදේශ ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්, ලුතිනන් ජනරාල් න්ගුයෙන් චී තාන් ( Lt. Gen. Nguyen Chi Thanh) සහ අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරල් ට‍්‍රෑන් ගියා කුවෝං  ( Maj. Gen. Tran Gia Cuong) යන මහත්වරු වියට්නාම් දූත පිරිසට අයත් වූහ. 
     
    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහත්වරු සහ විදේශ අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ද සාකච්ඡාවට එක්ව සිටියහ. 
     
    DB
     
    02
     
     
    03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya