අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ගාලු මුවදොර පිටියේ බණ්ඩාරනායක ස්මාරකයේ ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බලයි

    අගෝස්තු 31, 2014

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා වන හිටපු අගමැති දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ගාලු මුවදොර පිටියේ පිහිටි ස්මාරකයේ ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (31) උදෑසන එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


    අද ඌව පළාතේ පැවති වැඩසටහන්වලට සහභාගීවීමට පෙරාතුව ජනාධිපතිතුමා මෙලෙස බණ්ඩාරනායක ස්මාරකයේ ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීම සඳහා එක් විය.


    සැප්තැම්බර් 26 වැනිදාට යෙදෙන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ගුණ සමරු උළෙලට ප්‍රථම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.


    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, මර්වින් සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    SDF

    President Inspects Rehabilitation Work of Bandaranayake Statue at Galle Face

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya