අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසරේ සිට සෑම නිවසකට පානීය ජලය ලබාදෙනවා

    සැප්තැම්බර් 01, 2014
    ලබන වසරේ සිට අනිවාර්යයෙන් ම සෑම නිවසකට ම පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් එවිට නියඟය පරාජය කළ හැකි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (31) මඩුල්ල සතිපොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
     
    මුහුදු ජලය පිරිසිදු කර රටේ ජනතාවට පානීය ජලය වශයෙන් ලබාදෙන වැඩපිළිවෙළ ආරම්භ කිරීමට උපදෙස් ලබාදී ඇති බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා වෙනත් රටවල පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් අපේ රට තුළත් රටේ මේ අවශ්‍යතාව ඉටුකිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කොට ඇති බවත් පෙන්වා දුන්නේය.
     
    යාපනයේ සිට දෙවුන්දර තුඩුව දක්වා සෑම ගමකටම පිරිසිදු ජලය ලබාදෙන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. මේ වැඩපිළිවෙළ සැලසුම් කර අවශ්‍ය කටයුතු සිදු කරනවා. මේ සියලු කටයුතු සිදු කළ හැකි වුයේ මේ රට තිබුණු ත්‍රස්තවාදයෙන් රට මුදවාගත් නිසා. අද අපට තිබෙන්නේ ඔබේ ආර්ථිකය ගොඩනගන්න. මේ ප්‍රදේශයේ තිබු එදා දුෂ්කරතාවන් අදවෙනස් වෙලා. අද පාරක ඇවිදින විට, රෝහලකට ප්‍රතිකාර ගන්න යන විට, මේ තිබෙන රජයේ ගොඩනැගිලි දෙස බලන විට මෙහි තිබෙන සංවර්ධනය අමුතුවෙන් කිවයුතු නැහැ. 
     
    එක්තරා යුගයක දී කෘෂි නිෂ්පාදන විකුණාගැනීමේ අපහසුතාවන් තිබූ බවත් නියම මිලක් ලබාගන්න හැකි වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇති බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. 
     
    නියඟයත් සමඟ මේ පළාතට ජලය ගෙන ඒමේ වැඩපිළිවෙළවල් කතා කළා. අපි එක් පැත්තකින් ජලය තිබෙන පළාත්වලින් ජලය මෙහි ගෙන ඒමට අවශ්‍ය වැඩපිළිවෙළ සූදානම් කර ඒ සඳහා මුදල් වෙන් කරලා වැඩ ආරම්භ කර තිබෙනවා. නොයෙක් වැව් අමුණු පිළිසකර කරනවා ජනතා උවමනාවන් සඳහා. සෑම ගමකටම පාහේ විදුලිය ලැබිලා තිබෙනවා. මෙහි විදුලිය නැත්තේ බොහොම සුළු පිරිසකටයි. විදුලිය 96%ක ප්‍රමාණයක් ලබාදීලා තිබෙනවා. මේ වසර අවසන් වීමට පෙර සෑම ගමකටම විදුලිය ලබාදෙන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. 
     
    දැන් තිබෙන්නේ රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ. මේ ගමන යන්න අපත් සමඟ පළාත් සභාව, ප්‍රාදේශීය සභාව තිබෙන්න ඕනෑ. රටේ කටයුතු ඉදිරියට ගෙනයන්න මේ පළාත් සංවර්ධනය කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ ප්‍රාදේශීය සභාව, පළාත් සභාව සහ රජය එක්ව සිටින නිසයි. සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් රජයෙන් ලබාදෙනවා. එසේ ලබාදීම අපි ප්‍රතික්ෂේප කරලා නැහැ. මේ වැඩපිළිවෙළ දියත් කරගෙන යන්න රජයත්, පළාත් සභාවත්, ප්‍රාදේශීය සභාවත් අත්වැල් බැඳගන්න ඕනෑ. ඒ ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනගන්න. 
     
    1970 වසරේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ විද්‍යාව, වාණිජ, කලා විෂයන් උගන්වන ඒ ශ්‍රේණියේ පාසල් එකක් පමණක් පිහිටා තිබූ බවත් එම අවධියේ දී ම යාපනය දිස්ත්‍රික්කයේ එවැනි පාසල් 34ක් තිබූ බවත් වර්තමානයේ දී එම තත්ත්වය වෙනස් වී ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා තාක්ෂණ විෂය ධාරාවත් පාසල් තුළට හඳුන්වාදී ඇති බව ඒ හරහා ගම්වල දුවාදරුවන් අධ්‍යාපනය හදාරණ බවත් පෙන්වා දුන්නේය.
     
    ලෝකයේ හොඳම තොරතුරු තාක්ෂණ වැඩසටහන බවට නැණසල පත්ව ඇති බවත් ඒ හරහා විශාල මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත ලැබුණු බවත් රටේ පමණක් නො ව ලොකයේ දරුවන්ට වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබාදීම අවශ්‍ය බවත් කී ජනාධිපතිතුමා එම වැඩපිළිවෙළට අප ගමන් කරන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya