නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩුල්ල බහුකාර්ය වෙළඳ මධ්‍යස්ථානයේ පළමු අදියර ජනපති අතින් ජනතා අයිතියට

    අගෝස්තු 31, 2014

    රුපියල් මිලියන 70ක් වැය කරමින් ඉදි කෙරෙන බිබිල, මඩුල්ල බහුකාර්ය වෙළඳ මධ්‍යස්ථානයේ පළමු අදියර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (31) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.

     

    ප්‍රදේශයේ ගොවි ජනතාවගේ නිෂ්පාදන අලෙවි කරගැනීමට පහසුකම් සලසමින් රුපියල් මිලියන 25ක් වැය කරමින් පළමු අදියර නිමා කර ඇත.

     


    වෙළඳ මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරාදීමට ගිය ජනාධිපතිතුමාට එහි ජනතාවගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි.

     

    අමාත්‍යවරුන් වන විජිතමුණි ද සොයිසා, සුමේධා ජී. ජයසේන, නිර්මල කොතලාවල, ෆීලික්ස් පෙරේරා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මර්වින් සිල්වා, එස්.එම්. චන්ද්‍රෙස්න, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය, එස්.එම්. රංජිත් සහ නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර යන මහත්වරුන් සහ පළාතේ දේශපාලන නියෝජිතවරු රැසක්ද එයට එක් ව සිටියහ.

     

    SDF

    0801 104 109

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya