මේ සමුළුවට සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පෙරුම, එස්.බී. දිසානායක ඇතුළු මැතිඇමතිවරුන් ද කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා සමඟ අතිවිශාල ජනකායක් ද එක් ව සිටියහ.
ඉන් අනතුරු ව විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ පැවැත්වුණු "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" කොළඹ මහ නගරසභා බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන නියෝජිත සම්මේලනයට ද ජනාධිපතිතුමා එක් විය.
ශ්‍රීලනිප නැගෙනහිර කොළඹ සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන මහතා සංවිධානය කළ එම සමුළුවට ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු මැතිඇමතිවරුන් ද ආසන සංවිධායකවරුවන්, ඇතුළු 10,000කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
HC