අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත්වුවන්ට සහන සලසන්න ජනපතිගෙන් උපදෙස්

    අගෝස්තු 31, 2014
    නියඟයෙන් තවදුරටත් පීඩාවට පත් ජනතාවට මුල්‍යමය හා ද්‍රව්‍යමය සහන තවදුරටත් සලසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන්නේය.
     
    හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්ක ඇතුළු දිවයිනේ සියලු පළාත්වල නියඟය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය වියළි සලාක මෙන් ම මූල්‍යමය සහයෝගයන් සොයා බලා නිසි පරිදි ලබාදෙන ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
     
    නියඟය පවතින යාල සහ උඩවලව සත්ත්ව උද්‍යානවල ජීවත්වන වනසතුන් ආරක්ෂා කරගැනීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම ගන්නා ලෙසත් සතුන්ට අවශ්‍ය ජලය ලබාදීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක් ව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙසත් වනජීවි අමාත්‍යංශයට ද උපදෙස් දුන්නේය.
     
    වනාන්තර ආශ්‍රිත ව ඇති කුඩා ජලාශ හා වෙනත් කුඩා වැව්වල ළිං හෑරීම හෝ බවුසර් මගින් ජලය ගෙන ගොස් අදාළ ස්ථාන වෙත යොමු කර සතුන්ට බීමට සැලැස්වීම කළ යුතු බවට ද උපදෙස් දී ඇත. මුහුදු වතුර පිරිසිදු කර වන ජීවීන්ට ලබාදීමේ හැකියාවක් ඇත්දැයි සොයා බලා අදාළ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද අදාළ අංශ දැනුවත් කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya