අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ජලය - ප‍්‍රජා සංවර්ධනය හා සෞභාග්‍යය” සමුළුවේ ජනාධිපතිතුමන්ගේ පණිවුඩය

    අගෝස්තු 27, 2014

    ජල සම්පත් සැපයීමේ හා කළමනාකරණයේ නියැලී සිටින විවිධ වැදගත් රාජ්‍ය හා ප‍්‍රජා ආයතන සමඟ සම්බන්ධව ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය විසින් සංවිධානය කෙරෙන ”ප‍්‍රජාව සහ ජල සේවාව” පිළිබඳ 3 වැනි ජාත්‍යන්තර සමුළුව ට මා මෙම සුබ පැතුම් පණිවුඩය එවන්නේ ඉමහත් සතුටිනි.

    මේ වසරේ එක්සත් ජාතීන්ගේ තේමාව වන ‘ජලය හා බල ශක්තිය’ සමරන  “ජලය - ප‍්‍රජා සංවර්ධනය හා සෞභාග්‍යය” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව 2015න් පසු සිදු කෙරෙන තිරසාර සංවර්ධන වැඩසටහනත් ප‍්‍රජා සංවර්ධනය සඳහා ජලයෙහි උපකාරීත්වය පිළිබඳව පසුගිය වසරේ අනුරාධපුරයේ පැවැත්වුණු දෙවැනි ජාත්‍යන්තර සමුළුවත් පිළිබඳ කථිකාව ඉදිරියට ගෙන යනු ඇත.ප‍්‍රජා සංවර්ධනය හා අභිවෘද්ධිය සඳහා ජල සේවාවේ අංගයන්ට ඉතාම අදාළ හා දැනුමැති දායකත්වයක් සපයමින් මෙම සමුළුවට සහභාගී වන දකුණු ආසියානු කලාපයේ සම්භාවනීය නියෝජිතයින් මම සාදරයෙන් පිළි ගනිමි.

     

    විවිධ ප‍්‍රජා මූලික සංවිධානවල ප‍්‍රතිපත්ති සම්පාදකයින්ගේ, පර්යේෂකයින්ගේ, එක්සත් ජාතීන්ගේ කාර්යංශවල, කාන්තා සංවිධානවල හා අදාළ ජාත්‍යන්තර සංවර්ධන ආයතනවල නියෝජිතයින් රැසක් නැවුම් ජල සම්පත් අසීමිතව භාවිත කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මිනිස් කටයුතුවලට ඉතා වැදගත් පරිසර පද්ධතීන්ට තර්ජනයක් ඇතිවීම වළක්වාලීම ඇතුළුව ජල සැපයුම් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ප‍්‍රජාව අතර සහයෝගය සඳහා විවිධ අංග හා උපාය මාර්ග සඳහා වඩා අගනා කථිකාවක් ගොඩ නැගීමට සහය වනු ඇත.

     

    සහස‍්‍ර සංවර්ධක අරමුණු සාක්ෂාත් කර ගැනීමට සංවර්ධනයේ වැදගත්කම පිළිබඳව මෙම සමුළුව සංවිධානය කිරීමේලා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය සමඟ සහයෝගීව කටයුතු කළ ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය, ජාතික ප‍්‍රජා ජලභාරය හා ලංකා වැසි ජල රැස් කරන්නන්ගේ සංසදයට මම ප‍්‍රශංසා කරමි.
     

    ‘ප‍්‍රජාව හා ජල සේවාව’ පිළිබඳ මෙම සමුළුව ජල සැපයුම හා සනීපාරක්ෂාවත් අපේ කලාපයේ හා ලෝකයේ ජල සම්පත් මනාව පරිහරණය හා කළමනාකරණයත් පිළිබඳව අදාළ කථිකාවක් ඇති කිරීමේ ලා සියලු සාර්ථකත්වයන් අත් කර ගනීවා යි මම ප‍්‍රාර්ථනා කරමි !


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya