අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමුද්‍රීය හා නාවික කේන්ද්‍ර පිළිබඳ ජනාධිපති උපදේශක පත් වෙයි

    අගෝස්තු 26, 2014
    ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සමුද්‍රීය හා නාවික කේන්ද්‍ර පිළිබඳ ජනාධිපති උපදේශක වශයෙන් ජනාධිපතිතුමා විසින් පත්කරනු ලැබ ඇත.
     
    "මහින්ද චින්තනඉදිරි දැක්ම - 2011"  ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීමේ ප්‍රධාන අංශයක් ලෙස සමුද්‍රීය හා නාවික කේන්ද්‍රයක් බවට පත්කිරීමට අපේක්ෂිතය.
     
    පංචකේන්ද්‍රීය සංවර්ධන වැඩසටහනේ ප්‍රමුඛ අංශයන් වනුයේ මෙම සමුද්‍රීය හා නාවික කේන්ද්‍ර වැඩසටහනය. අද්මිරාල් කොළඹගේ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාපති ලෙස කටයුතු කරන අවදියේ දී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දූරදර්ශි වැඩපිළිවෙළේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරනු ලැබීය.
     
    දැනට අද්මිරාල් කොළඹගේ මහතා ලංකා නැව් සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන අතර ඔහු මෙම තනතුරට පත්කරන ලද්දේ නාවික හමුදාපති තනතුර දරන අතර ඔහු විසින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අංශයේ ප්‍රගතිය කෙරෙහි දායාද කරන ලද විශිෂ්ට කාර්යභාරය හේතු කොට ගෙනය. ලංකා නැව් සංස්ථාව පෙර තිබූ සෞභාග්‍යමත් අවධියට නැවත ගෙන ඒමට හා නාවික කේන්ද්‍ර සිහිනය සැබෑ කරවීමට මේ කාලය තුළ විශේෂ පියවර රාශියක් ගැනීමට ඔහු සමත් වී ඇත.
     
    ඔහු සමුද්‍රීය හා නාවික ක්ෂේත්‍රයේ වසර 36ක විශ්ෂ්ට අත්දැකීම් ඇති විශේෂඥයෙකි. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya