අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාගම රෝහලේ වෛද්‍ය උපකරණ බෙදාදීම ජනපති ආර්යාව ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 26, 2014
    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අබ්දුල් හමීඩ් ඒ.කේ.අල්. මුල්ලා මහතා විසින් කාල්ටන් සුව උදාන වෙත පරිත්‍යාග කරන ලද උපකරණ තොගයක් රාගම ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කිරීම ඊයේ (25) ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
     
    මෙහිදී රාගම ශික්ෂණ රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසා බැලීමට ද කටයුතු කළ ජනාධිපති ආර්යාව රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා තම උපරිම සහයෝගය ලබාදෙන බවද පැවසුවාය.
     
    එසේම රෝහල් පරිශ්‍රය තුළ ළමා උද්‍යානයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ප්‍රකාශ කළ ජනාධිපති ආර්යාව ඉදිරියෙ දී මෙම ව්‍යාපෘතිය දිවයිනේ සියලු රෝහල්වල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද ප්‍රකාශ කළාය.
     
    මෙම අවස්ථාව සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අබ්දුල් හමීඩ් ඒ.කේ.අල්. මුල්ලා මහතා සහ රෝහල් කාර්යමණ්ඩලය ද සහභාගි වූහ.
     
    DB
     
    03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya