අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අර්ථසාධක අරමුදලේ නිවාස ණය ලබාගත් අය ණය ක්‍රමවත් ව ගෙවා නැහැ

    අගෝස්තු 22, 2014
    දැනට ක්‍රියාත්මක වන සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයාගේ ශේෂය ඇපයට තබා නිවාස ණය ලබාදෙන ක්‍රමය අනුව ප්‍රතිලාභ ලබාගත් සාමාජිකයන්ගෙන් විශාල ප්‍රමාණයක් ලබාගත් ණය ක්‍රමවත් ව ගෙවා නැති බවත් ඒ නිසා හිඟ ණය වාරික, පොලී හා දඩ මුදල් සියල්ල ඒ ඒ බැංකුවලට සාමාජිකයන්ගේ ශේෂවලින් කපා හැර ඉතුරු මුදල් පමණක් සාමාජිකයන්ට ප්‍රේෂණය කරනු ලබන බවත් කම්කරු අමාත්‍ය ගාමිණී 
    ලොකුගේ මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ නැගූ 
    ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    මේ කරුණ නිසා විශ්‍රාම යන අවස්ථාව වන විට ණය ලබා ගත් සාමාජිකයන් වැඩි ප්‍රමාණයකගේ විශ්‍රාම ජීවිතය සඳහා අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභයක් හිමි නොවන අතර ඒ තත්ත්වය පාලනය කර ගනිමින් සාමාජිකයන්ගේ විශ්‍රාම ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා නව ක්‍රමය යෝජනා කරන ලදී.

     

    ඒ අනුව නව ක්‍රමය සම්බන්ධයෙන් රෙගුලාසි සකස් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. මේ නව ක්‍රමය ගැන පරිපාලන හා ප්‍රායෝගික ගැටලු පැන නැගී ඇත. එනම් එක ම සාමාජිකයාගේ නමින් ගිණුම් කිහිපයක් පැවතීමයි. ඒවා ඒකාබද්ධ නොකළ හොත් සාමාජිකයාට අපේක්ෂිත ප්‍රතිලාභය හිමි නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය. 


    මේ ගැටලුව විසඳීම සඳහා සාමාජිකයාගේ හැඳුනුම්පත් අංකය, සාමාජික ගිණුම් අංකය බවට පත්කිරීමේ හා සාමාජිකයාගේ ඇඟිලි සලකුණු විද්‍යුත් ක්‍රමයට රැස්කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ කාර්යය සඳහා සාමාජිකයාගෙන් හා සේවායෝජකයාගෙන් ලැබෙන සහය ප්‍රමාණවත් නොවන නිසා අදාළ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට බාධාවක් වී ඇත. කෙසේ වෙතත් ඉතා ඉක්මනින් මේ කටයුතු අවසන් කරන බව ද ඔහු කීය. 
     
    සේවක අර්ථසාධක අරමුදලේ පරිපාලන කටයුතු කාර්යක්ෂම කරමින් එම අරමුදල් එක්රැස් කිරීමට කම්කරු අමාත්‍යාංශය ගනු ලැබූ උපාය මාර්ගයන්හි ප්‍රතිඵලයක් ලෙසත් එසේ එක්රැස් කරන ලද අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විචක්ෂණශීලී ලෙස සාමාජිකයන්ට වඩා වැඩි ප්‍රතිලාභ ලැබෙන ලෙස කළමනාකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සේවක අර්ථසාධක අරමුදල් රුපියල් ට්‍රිලියනය ඉක්මවා එනම් රුපියල් බිලියන 1,300ක් පමණ වර්ධනය කර ගැනීමට හැකි වී ඇත. 2009 වසරේ අරමුදලේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 770ක් වූ අතර 2012 වසර අවසන් වන විට එය රුපියල් බිලියන 1144ක් දක්වා 48%කින් වර්ධනය වී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

     

    ඒ අනුව 2012 අංක 2 දරන සේවක අර්ථසාධක අරමුදලේ සංශෝධිත පනත මඟින් යෝජිත 30%ක ප්‍රතිලාභය ලබාදීම සේවක අර්ථසාධක අරමුදල මඟින් සිදු කරන අතර ඒ සඳහා ප්‍රමාණවත් මුදල් අරමුදල සතුව පවතී. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් හට ප්‍රතිලාභ ලබාදීම සඳහා රජයට මුදල් පවතීද නැද්ද යන්න අදාළ නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.


     NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya