අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනාගත පරපුරට ඒ.වී. සුරවීර මහතා බොහෝ දේ ඉතුරු කළා

    අගෝස්තු 22, 2014

    සාහිත්‍ය හා කලාව ඔස්සේ අනාගත පරපුරට ඒ.වී. සුරවීර මහතා බොහෝ දේ ඉතුරු කර තැබූ බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් හා නියෝජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සභාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් නියෝජනය කළ ප්‍රවීණ අධ්‍යාපනඥයෙකු වූ මහාචාර්ය ඒ.වී. සුරවීර මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනා අවස්ථාවේ අදහස් දක්වමිනි.

     

    ඒ.වී. සුරවීර මහතා සහ මම නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ආසන්න අසුන් දෙකකයි මේ සභාවේ සිටියේ. විද්‍යෝදය විශ්වවිද්‍යාලයේදී අපි සිංහල ඉගෙන ගත්තේ එතුමාගෙන්. එතුමාගේ දැනුම හැකියාව අතිවිශාලයි. එතුමා ජීවිතයේ ගැඹුර දුටුවා. වත්මන් මැතිවරණ ක්‍රමය පිළිබඳව එතුමා කළකිරී සිටියා. වත්මන් මැතිවරණ ක්‍රමය නිසා සාහිත්‍යකරුවන්, උගතුන්, බුද්ධිමතුන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඇති ඉඩ අඩු බව එතුමා දැනගෙන සිටියා. එතුමා ඔහුගේ සාහිත්‍ය කෘති ඔස්සේ වැදගත් යමක් සමාජගත කිරීමට උත්සාහ කළ බවත් එතුමාගේ සමාජ මෙහෙවර අතිවිශාල බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya