අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගව සම්පත විනාශ කළේ එජාපය නිසා එහි වගකීම භාරගත යුතුයි

    අගෝස්තු 21, 2014
    77 බලයට ආපසු කිරිපිටි ආනයනය කරන්න පටන් ගත්තේ එක්සත් ජාතික පක්ෂය බවත් සම්පූර්ණයෙන් ම ගව සම්පත විනාශ කළේ එජාපය නිසා එහි වගකීම ඔවුන් භාරගත යුතු බවත් පශු සම්පත් හා ග්‍රාමීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට උසස් ගණයේ දෙනුන් සුලබ කිරීමට ආනයනය කරන අතර කෘතිම සිංචනය මඟින් පැටවුන් බිහිකිරීම සිදු කරයි. කිරි ගම්මාන ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන කිරි ගොවීන්ට ප්‍රතිපාදන සපයන අතර වසංගත රෝග වැළැක්වීම සඳහා එන්නත් ලබාදීම ද සිදු කරනු ඇත. රුපියල් 33 තිබූ කිරි ලීටර් 01 ජනාධිපතිතුමා රුපියල් 50 කළා. ගොවියාට රුපියල් 50 ගානේ ගෙව්වත් කිරි නිෂ්පාදන මිල වැඩි කිරීමට නොහැකි වූ නිසා මිල්කෝ ආයතනයේ පාඩු සිදු වූ බවත් ඒ තත්ත්වය මේ වන විට වළක්වා ගැනීමට හැකි වී ඇති බවත් අමාත්‍යවරයා කීය.


    පුද්ගල ඉල්ලීම මත කිරි අලෙවිසැල් ආරම්භ කිරීම රජය මඟින්  ආරම්භ කරන අතර ඔවුන්ගේ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන එම අලෙවිසැල් සඳහා ඉල්ලීමක් කළ හොත් කිරි නිෂ්පාදන සපයන බව ද ඔහු පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya