අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාහිර උපාධි සඳහා වෙළෙඳපොළට ගැළපෙන පාඨමාලා සඳහා ඉල්ලුම් කරන්නේ නැහැ

    අගෝස්තු 21, 2014
    බාහිර උපාධි සඳහා ළමුන් වෙළෙඳපොළට ගැළපෙන මිලක් තිබෙන පාඨමාලා සඳහා ඉල්ලුම් නොකරන අතර පහසු විෂයන් තෝරා ගෙන විභාගය සමත්වීමට උත්සාහ දරන්නේ විශ්‍රාම වැටුපක් සහිත රජයේ රැකියාවක් ලබා ගැනීමේ අරමුණින් බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    කැලණිය විශ්වවිද්‍යාලයේ පමණක් බාහිර උපාධි අපේක්ෂකයන් 80,192 දෙනෙකු සිටිති. බාහිර උපාධි අපේක්ෂකයන්ගෙන් 90%ක්ම රටේ ආර්ථිකයට අනුව වෙළෙඳපොළ ඉල්ලුමක් ඇති පාඨමාලා තෝරා ගන්නේ නැහැ. උසස් අධ්‍යාපනය හදාරන අයට වෘත්තීය පුහුණු ආයතන, කාර්මික ආයතනවලට ඇතුළත්ව අධ්‍යාපනය ලැබීමෙන් දැන් උපාධිය දක්වා ගමන් කළ හැකියි. බාහිර උපාධිය ගැන උනන්දුව අඩු කරන්න තාක්ෂණවේදී විෂය හඳුන්වා දී ඇත්තේ යැයි ද අමාත්‍යවරයා කීය. 

     

    වෘත්තීය ගුරුවරයෙකු, රජයේ සේවකයෙකු මේ බාහිර උපාධිය හැදෑරුවාට කමක් නැහැ. දරුවන්ට, රටට ඵලදායී මිලක් සහිත වෘත්තීය ඉල්ලුමක් ඇති පාඨමාලා නොමිලේ හදාරන්න වෘත්තීය පුහුණු ආයතන, කාර්මික ආයතනවලින් අවස්ථාව තිබේ. වෘත්තීය පුහුණු ආයතනයට ඇතුළු වුණත් ඔවුන්ට දැන් පශ්චාත් උපාධිය දක්වා යා හැකි බව ද ඔහු පැවසීය.

     

    ප්‍රේමදාස මහතා මෙරට සංවර්ධන කාර්යයන් ගැන නගන ලද ප්‍රශ්නයකට ද පිළිතුරු දුන් අමාත්‍යවරයා නෙළුම් පොකුණ කියන්නේ කලාකරුවන්ට අලුතින් කලාගාරයක් එක්වීමයි. එවැනි දේ කිරීම පිස්සුවක් නො වේ. කලාකරුවන්ට එවැනි දේ හැදීම අවශ්‍යයි. නෙළුම් කුළුණ හා මුහුද ගොඩකර නගරයක් හැදීම යනු රටේ සංවර්ධනයට අවශ්‍ය දෙයක් බව ද අවධාරණය කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya