අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්‍රාමික පාරිතෝෂිකය බැංකු ණයක් ලෙස ගැනීමෙන් විශ්‍රාමිකයාට පාඩුවක් සිදු නො වේ

    අගෝස්තු 21, 2014

    විශ්‍රාමික පාරිතෝෂිකය ලබා ගත හැකි බවත් බැංකු ණයක් ලෙස එම මුදල ගැනීමෙන් විශ්‍රාමිකයාට පාඩුවක් සිදු නො වන බවත් 2014 ජනවාරි මාසය වන විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම පාරිතෝෂික මුදල් ලබාගැනීම සඳහා විශ්‍රාමික රාජ්‍ය සේවකයන් 14,256 දෙනෙකු සිටින බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    මේ විශ්‍රාම පාරිතෝෂික මුදල් ලබාදීමේදී යම් ප්‍රමාදයක් සිදු වන බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා මාස 06 සිට අවුරුදු 02 දක්වා කාලයක් ගත විය හැකි බව කීය. විශ්‍රාම ගිය පසු විශ්‍රාමිකයාගේ ලිපිගොනුව සකස් කිරීමේදී ස්ථාන මාරුවීම් ඇතුළු අනෙකුත් දෑ එකතු කිරීමේදී ගොනුව යාවත්කාලීන කිරීමට කාලයක් ගත වේ. එසේම විශ්‍රාමිකයා වෙත පාරිතෝෂිකය නිදහස් කිරීමේදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැනි ස්ථාන වෙත යන විට මේ සඳහා මාස 06ක් හෝ 07ක් ගත වේ. මේ නිසා ප්‍රමාදවීම් ඇති වෙන බව ඔහු පැවසීය.

     

    විශ්‍රාමික පාරිතෝෂිකය බැංකු මඟින් ලබා දෙන්න කටයුතු යෙදුවේ වඩාත් ඵලදායී විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙසයි. මේ සඳහා ඇපකර අවශ්‍ය නොවේ. එම මුදල් රජය මඟින් බැංකුව වෙත ප්‍රතිපූර්ණය කරනු ඇත. මේ ක්‍රමය විශ්‍රාමිකයාගේ අභිමතය පරිදි සිදු කළ හැකියි. මේ පිළිබඳ ගැටලුවක් පැන නැගි නිසා ජනාධිපතිතුමා අදාළ චක්‍රලේඛය සංශෝධනය කළා. බැංකු ණයක් ලෙස ලබා ගන්නා විශ්‍රාම පාරිතෝෂිකයේ පොලිය විශ්‍රාමිකයා වෙත නොපැවරේ. එය රජය විසින් ගෙවනු ලබයි. ණයක් ලෙස වසර 18ක් ගෙවන කාලය වසර 10කට සීමා කර ඇති අතර ඉතුරු අවුරුදු 08 ණය රජය ගෙවනු ඇත. ණයෙන් 60%ක් විශ්‍රාමිකයා ගෙවන අතර 40%ක් ගෙවන්නේ රජයයි. මෙයට එකඟ නැති අයට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාමික පාරිතෝෂිකය ලබා ගත හැකි බවත් බැංකු ණයක් ලෙස එම මුදල ගැනීමෙන් විශ්‍රාමිකයාට පාඩුවක් සිදු නො වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    පෙරදී මේ පිළිබඳ පරිපාලන දුර්වලතා පැවති අතර ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා චක්‍රලේඛ විධිවිධාන පනවමින් දුරුවලතා මගහැරවීමට කටයුතු කර ඇත. වාර්ෂිකව මහා භාණ්ඩාගාරයෙන් මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරන්නේ විශ්‍රාම පාරිතෝෂික ගෙවිය යුතු ප්‍රමාණය අනුවයි. ඒ අනුව 2011දී රුපියල් මිලියන 16,000ක්, 2012දී රු. මිලියන 15,000ක්, 2013දී රු. මිලියන 18650ක් හා 2014දී රු. මිලියන 15,000ක් වෙන් කර ඇත. 

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya