අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහේලගේ සමුගැනීමේ අවස්ථාවට ජනපති එක්වෙයි

    අගෝස්තු 18, 2014
    සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ මහේල ජයවර්ධනගේ සමුගැනීමේ අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද එක් විය.
     
    ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එහි ජයග්‍රාහී අවස්ථාවවට සහභාගිවීමට ක්‍රීඩාංගණය වෙත ගිය ජනාධිපතිතුමා අද (18) ටෙස්ට් තරග බිමෙන් සමුගන්නා මහේල ජයවර්ධනට සිය උණුසුම් සුබ පැතුම් පළ කළ අතර සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
     
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජයග්‍රහණයට ද සුබපැතුම් පළ කළ ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය. 
     
    නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසුරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නිශාන්ත රණතුංග, ජයන්ත ධර්මදාස මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE MAHELA JAYAWARDANA 1 3
     
     
    HE MAHELA JAYAWARDANA 1 5
     
    HE MAHELA JAYAWARDANA 1 1
     
    HE MAHELA JAYAWARDANA 1 2
     
    HE MAHELA JAYAWARDANA 1 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya