අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර හා දකුණු පළාත් සභාවල නව අමාත්‍යවරුන්

    අප්‍රේල් 04, 2014

    බස්නාහිර හා දකුණු පළාත් සභාවල නව අමාත්‍යවරුන් අද (04) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දුන්හ.


    බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, අධ්‍යාපන, පළාත් පාලන හා පළාත් පරිපාලන, මිනිස්බල හා රැකීරක්ෂා, ඉංජිනේරු සේවා සහ ප්‍රවෘත්ති අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දුන්නේය.

    මීට අමතරව කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත, පරිසර කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිල මහතා දිවුරුම් දුන් අතර රංජිත් සෝමවංශ මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක සේවා, පළාත් සභා කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

    උපාලි කොඩිකාර මහතා විදුලිබල හා බලශක්ති, පළාත් මාර්ග, නිවාස හා ඉදිකිරීම්, ජල සම්පාදන හා ජලාපවහන, සමාජ සුබසාධන, නාගරික හා වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස තේරී පත්විය.

    බස්නාහිර පළාතේ ප්‍රවාහන, ක්‍රීඩා හා යෞවන කටයුතු, කාන්තා කටයුතු, ආහාර සැපයීම හා බෙදාහැරීම, සමූපකාර සංවර්ධන, ගෘහ ආර්ථික ප්‍රවර්ධන, ධීවර, ග්‍රාම සංවර්ධන, සංචාරක, ආයෝජන ප්‍රවර්ධන සම්බන්ධීකරණ සහ සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන අමාත්‍යවරයා ලෙස නිමල් ලන්සා මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    දකුණු පළාත් සභා මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන් ශාන් විජයලාල් ද සිල්වා මහතා මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන, ප්‍රවාහන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, සංචාරක හා ඉංජිනේරු සේවා අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දුන්නේය.

    දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහා මාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා ලෙස චන්දිම රාසපුත්‍ර මහතා පත් වූ අතර දයාවංශ ආරියතිලක මහතා දකුණු පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, වාරිමාර්ග, ජලසම්පාදන හා ජලාපවහන, ආහාර සැපයීම හා බෙදාහැරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

    දකුණු පළාත් ධීවර, සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන, පරිසර කටයුතු, ග්‍රාමීය කර්මාන්ත, විදුලිබල, ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඩී.වී. උපුල් මහතා ද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    NDH/pix by Sudath Silva-pmu


    he-new minister1


    he-new minister2


    he-new minister3


    he-new minister5


    he-new minister7


    he-new minister6


    he-new minister8

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya