මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සමග ඵලදායී සබඳතා ඇති කරගන්නැයි සිංගප්පූරු විදේශ ඇමති සෙසු රටවලින් ඉල්ලයි

    අප්‍රේල් 04, 2014

    ශ්‍රී ලංකාව සමග ඵලදායී සබඳතා ඇති කර ගන්නා ලෙසත් අතීතය ගැන විමසනු වෙනුවට අනාගතය දෙස බලන ලෙසත් සිංගප්පූරුවේ විදේශ ඇමති සහ නීති ඇමති කේ. ෂන්මුගම් මහතා (K. Shanmugam) සෙසු රටවලින් ඉල්ලා සිටී.

    නිල චාරිකාවක් සඳහා දැන් දිවයිනට පැමිණ සිටින ඇමතිවරයා එසේ සඳහන් කළේ ඊයේ (03) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවූ අවස්ථාවේ දී ය.

    Singapore Foreign Minister K. Shanmugam meet HE

    සිය චාරිකාවේ ප‍්‍රධාන අරමුණ “ශ්‍රී ලංකාවේ ජනතාවට දැන් සැබවින්ම අවශ්‍යව ඇත්තේ සංවර්ධනය - ජනතාව සැබැවින්ම උනන්දු වන්නේ තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය ගැන”, බව ලෝකයාට දැනුම් දීම යයි ෂන්මුගම් මහතා කීය.

    ජංගම පුස්තකාල ස්ථාපනය සහ ඉංග‍්‍රීසි ගුරුවරුන් පුහුණු කිරීම ඇතුළු උතුරු පළාතේ ව්‍යාපෘති කිහිපයකට සිංගප්පුරු රජය ආධාර සපයමින් සිටී. හෙට යාපනය බලා යන ෂන්මුගම් මහතා වැඩසටහන් ආරම්භ කරයි. රටේ සෙසු ප‍්‍රදේශවල ද මෙබඳු පුහුණු වැඩසටහන් හඳුන්වා දීම ගැන සලකා බලන්නැයි ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා සිංගප්පූරු ඇමතිවරයාට පැවසීය.

    දෙරටේ ජනතාව අතර මෙන්ම ව්‍යාපාරික ප‍්‍රජාවන් අතර ද අන්තර් ක‍්‍රියාකාරකම් වර්ධනය ඇතුළුව ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් වී ඇති බව තමාගේ පිළිගැනීම යැයි ෂන්මුගම් මහතා කීය. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර සබඳතා “ඉතා යහපත්” බව සඳහන් කළ ඇමතිවරයා වත්මන් ධනාත්මක පරිසරය තුළ එය තවත් දියුණුවනු ඇතැයි විශ්වාසය පළ කළේ ය.

    ශ්‍රී ලංකාවේ අනේවාසික සිංගප්පූරු මහ කොමසාරිස් කරන් සිං තකරල්, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ විධායක සභාපති තානාපති ගෝපිනාත් පිල්ලේ යන මහත්වරු සිංගප්පූරු විදේශ ඇමතිවරයා සමග පැමිණ සිටියහ.

    විදේශ ඇමති මහාචාර්ය ජී.එල් පිරීස්, ජනාධිපති ලේකම් ලලිත් විරතුංග යන මහත්වරු සහ විදේශ අමාත්‍යංශයේ ලේකම් ශෙනුකා සෙනවිරත්න මහත්මිය සාකච්ඡාවට සහභාගී වූහ.

     

    Singapore Foreign Minister K. Shanmugam meet HE

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya