මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසළ පෙරහර සමාප්ති සන්නස ජනපතිට

    අගෝස්තු 12, 2014
    ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උත්තරීතර පූජනීයත්වයට පාත්‍ර වු ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා නොකඩවා සෑම වසරක ම පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහර මෙවර ද ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වා එය සාර්ථකව නිම කිරීම පිළිබඳ සැල කිරීමේ සංදේශය සම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් ඊයේ (11) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙන ලදී.
     
    පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන්ව ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස දී ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබීය.
     
    අනතුරුව දියවඩන නිලමේවරයා සම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිතුමා වෙත භාරදුන්නේය.
     
    සම්ප්‍රදායානුකූලව පෙරහරට සහභාගි වූ කලා ශිල්පීන් වෙත තිළිණ හා සම්මාන ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.
     
    ඉන් අනතුරු ව අභය රාජා සහ මිහින් රාජා ඇත් පැටවුන් දෙදෙනා වෙත පලතුරු සංග්‍රහයක් ජනාධිපතිතුමා හා ජනාධිපති ආර්යාව අතින් සිදු කළහ.
     
    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහනුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ, දිස්ත්‍රික් ලේකම් ගාමිණි සෙනවිරත්න මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    DB
     
    HE KANDY PERA SANNASA 1
     
     
    HE KANDY PERA SANNASA 2
     
    HE KANDY PERA SANNASA 4
     
    HE KANDY PERA SANNASA 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya