සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනයේ දී ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සියලුදෙනා අවධානය යොමු කළ යුතුයි- ජනාධිපති

    පෙබරවාරි 04, 2020

    සංවර්ධනයේ දී ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සියලුදෙනා අවධානය යොමු කළ යුතුයි. අවිධිමත් සවංර්ධනය පරිසර විනාශයටත්, තෙත්බිම් අහිමිවීම කෙරෙහිත් බලපා තිබේ. යැයි ජනාධිපති ගේඨභය රාජපක්ෂ මහතා පවසයි.

     

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ලෝක තෙත්බිම් දිනය සැමරීමේ ජාතික වැඩසටහන - 2020 අවස්ථාවට සහභාගීවෙමිනි.

    එහිදී තවදුරටත් අඳහස් දැක්වූ ජනාධිපතිවරයා ,සතුන් සහ පැළෑටි මගින් ලැබුණු මහත් ප්‍රයෝජන අපට අහිමි වෙමින් පවතින බවත් සොබාදහම විනාශවීමට සාපේක්ෂව සංස්කෘතිය ද විනාශ වන බවත් කීය.

    නීති රීති පැනවීමෙන් පමණක් තත්ත්වය වෙනස් කළ නොහැකි බව කී ජනාධිපතිවරයා, පරිසරය පිළිබද මහජන සුබවාදී ආකල්ප සහ අවබෝධය ඉතා වැදගත් බව සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya