නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ වැඩපිළිවෙළ පිළිබඳ ව විශ්වාසය තබා එය සාර්ථක කර ගැනීමට සහාය වන්නැයි සියලු උද්ඝෝෂණ කණ්ඩායම්වලින් රජය ඉල්ලා සිටී

    ජනවාරි 31, 2020

    ජනතා ගැටලු විසඳා උද්ඝෝෂණ සහ විරෝධතා ඇතිවීමට මුල්වන සාධක ඉවත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිය වන බැවින් ඒ මහතාගේ පාලන කාලය තුළ දී උද්ඝෝෂණකරුවන්ට ජනාධිපති කාර්යාලය අභියසට පැමිණ විරෝධය පළ කිරීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට පූර්ණ නිදහස ලබා දීමට කටයුතු කර ඇත.

    ඒ අනුව, (29) දිනට පමණක් කණ්ඩායම් 06 ක් ජනාධිපති කාර්යයාලය අභියසට පැමිණ උද්ඝෝෂණයන් සිදු කළ අතර, මේ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට නිළධාරින් විශාල කාලයක් වැය කරන ලදී.

    මෙහි ප්‍රතිඵලය වශයෙන්, ඔවුන් වෙනුවෙන් රජය ඉටුකිරීමට අපේක්ෂා කරන වැඩසටහන් වලට වෙන් කළ කාලය නාස්ති වීම සහ විරෝධතා නිසා ඇතිවන මාර්ග අවහිරතා ජනතාවට මහත් පීඩාවක් මෙන්ම විරෝධතාකරුවන්ගේ ද
    කාලය, ශ්‍රමය සහ මුදල් අනවශ්‍ය ලෙස අපතේ යන බව රජය විසින් අවධාරණය කර සිටින අතර මෙම යතාර්ථය තේරුම්ගෙන රජයේ වැඩපිළිවෙළ පිළිබඳ ව විශ්වාසය තබා එය සාර්ථක කර ගැනීමට සහාය වන්නැයි ද සියලු උද්ඝෝෂණ කණ්ඩායම්වලින් රජය ඉල්ලා සිටි.

    උපාධි සහ ඒ හා සමාන උසස් ජාතික ඩිප්ලෝමාධාරින්ට පොරොන්දු වූ පරිදි රැකියා ලබාදිමට අවශ්‍ය සියලු තොරතුරු මේ වන විට රැස්කර අවසන් ව තිබෙන බවත් ඒ සඳහා වූ මූල්‍ය ප්‍රතිපාදන සැලසීමේ ක්‍රියාවලිය ද සිදු වෙමින් පවතින බවත් රජය අවධාරණය කර සිටින අතර පොරොන්දු වූ පරිදි 53,000 ට ආසන්න සියලු උපාධිධාරින්ට රැකියා ලබා දිම මාර්තු 01 වනදා ඇරඹෙන බවත් රජය විසින් දැනුම් දී ඇත.

    එමෙන්ම, විවිධ රාජ්‍ය ආයතනවල තාවකාලික, අනියම් සහ කොන්ත්‍රාත් පදනමෙන් සේවයේ නියුතු දින 180 සම්පූර්ණ කළ පිරිසගේ රැකියා සුරක්ෂිතතාව සහ ස්ථීරභාවය පිළිබඳව ද රජයේ අවධානය යොමුව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya