අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන් ජනපති හමුවෙයි

    ජනවාරි 14, 2020

    ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය (Alice wells), චීන විදේශ අමාත්‍ය වැන්ග් යි (Wang Yi) රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රෝව් (Sergey Lavrov) සහ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ (Kozo Yamamoto) යන මහත්වරු ඊයේ සහ අද(14) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූහ.

    බිඳ වැටුණු ආර්ථිකය යළි නගා සිටුවීම මාගේ ධූර කාලය තුළ අපේක්ෂිත ප්‍රධානතම කාර්යය බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.. ඒ වෙනුවෙන් අප රජය ගෙනයන වැඩපිළිවෙළ අගය කළ විදේශ නායකයෝ ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ, රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළට සහ සෑම ක්ෂේත්‍රයකම කඩිනම් සංවර්ධනයක් අත්කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට උපරිම සහය දෙන බව ප්‍රකාශ කළහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya