අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී ,එම මන්ත්‍රීවරයාගේ අභිමානයට සහ ගෞරවයට හානියක් සිදු නොවිය යුතුයි - මන්ත්‍රීවරුන්

    ජනවාරි 10, 2020

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී එම මන්ත්‍රීවරයාගේ අභිමානයට සහ ගෞරවයට හානියක් සිදු නොවන අයුරින් එම අත්ඩංගුවට ගැනීම සිදු කළ යුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂයේත්,විපක්ෂයේත් මන්ත්‍රීවරු පොලිසියට හා ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දුන්හ.

    කුමන දේශපාලන පක්ෂයක් හෝ පාර්ශවයක් නියෝජනය කළද මන්ත්‍රීවරයෙක් වරදක් සිදුකර ඇත්නම් එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදු කළ යුතු නමුත්, ඒ සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ඒ සම්බන්ධව මාර්ගෝපදේශනයක් පොලිස් නිලධාරීන්ට නිකුත් කරන ලෙසත් මන්ත්‍රීවරු පොලිසියට සහ ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දුන්හ.

    මෙම උපදෙස් ලබාදීම සිදු කෙරුණේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේත්,විපක්ෂයේත් මන්ත්‍රීවරුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමකදීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya