මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 UNDP මානව සංවර්ධන වාර්තාවේ මුල් පිටපත අගමැති වෙත පිළිගැන්වෙයි

    දෙසැම්බර් 11, 2019

    2019 UNDP මානව සංවර්ධන වාර්තාවේ මුල් පිටපත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගිය දා පිළිගැවිණි.

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් නිකුත් කරනු ලබන 2019 මානව සංවර්ධන වාර්තාවේ ගෝලීය එළිදැක්වීමට සමගාමීව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත රොබට් යුහ්කම් මහතා, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරිණී හනා සිංගර් මහත්මිය අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදෙන ලදී.

    ශ්‍රී ලංකාව මානව සංවර්ධනයෙන් අත් කරගෙන ඇති ප්‍රගතිය සහ එම නිසා ශ්‍රී ලංකාව 'ඉහළ' මානව සංවර්ධන කාණ්ඩයේ ශ්‍රේණිගත ව තිබීම ගැන අග්‍රාමාත්‍යවරයා සිය සතුට පළ කර ඇත. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය උදෙසා, ජාතික සංවර්ධන ප්‍රමුඛතා වලට අනුව, UNDP හා අනෙකුත් පාර්ශවකරුවන් සමග නොකඩවා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya