අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආකල්පමය වෙනසක් තුළින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට කැප වෙමු- ජනපති නව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට කියයි

    දෙසැම්බර් 09, 2019

    දියුණු රටක් ගොඩනැඟීමට මෙරට රාජ්‍ය සේවයේ පවතින සියලු දුර්වලතා කඩිනමින් නිවරැදි කළ යුතු අතර, ආකල්පමය වෙනසක් තුළින් කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයකට කැපවෙමු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නව රාජ්‍ය අමාත්‍යාශ ලේකම්වරුන්ට පැවසීය.


    රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරු අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපි ලබා ගත් අතර ඉන් අනතුරුව ඔවුන් අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.


    රාජ්‍ය සේවය විධිමත්ව සහ කාර්යක්ෂමව ඉදිරියට පවත්වාගෙන යාමේදී නවීන තාක්ෂණය උපරිමයෙන් භාවිත කළ යුතුය. රාජ්‍ය ව්‍යුහය වංචාවෙන් දූෂණයෙන් තොරව නිවැරදි යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.
    රාජ්‍ය සේවකයින්ට පුහුණු අවස්ථා විවෘත කර දීමට කටයුතු කරන බව පැවසූ ජනාධිපතිතුමා පසුගියදා තමා කළ ඉන්දීය රාජ්‍ය චාරිකාවේ දී ඒ පිළිබඳ අවධානය යොමු කළ බව කියා සිටියේය.


    තම ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් රටේ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර තිබෙන බව පැවසු ජනාධිපතිතුමා එම වගකිම් ඉටුකිරීමේ දී සෑම අමාත්‍යාංශයකටම පැවරෙන කාර්යභාරය සුවිශාල බවත්, අමාත්‍යාංශ මට්ටමින් නිසි ලෙස වගකීම් ඉටු කරමින් වත්මන් රජය කෙරෙහි ජනතාව තැබූ අපේක්ෂා සපුරාලීමට සියලු දෙනා වගකීමෙන් ක්‍රියා කරනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya