අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවේ දී ජනාධිපතිතුමා කළ ප්‍රකාශය

    නොවැම්බර් 22, 2019

    මේ කාලය තුළ පිහිටුවා තිබෙන්නේ අන්තර් කාලීන ආණ්ඩුවක්. මේ කාලය තුළ අපි පිහිටවූ ආණ්ඩුව ප්‍රධාන වශයෙන්ම අප විසින් ඉදිරිපත් කළ සැලැස්මේ මුලිකව අපි ජනතාවට පොරොන්දු වූ කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් සිමා වුණු රජයක් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ශ්‍රී ලංකා ජනරජයේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද (22) ජනාධිපති ලේකම් කර්යයාලයේ දී සිදු විය. ඒ අනුව, නව අමාත්‍යවරු 15 දෙනෙක් ජනාධිපතිතුමා ඉදිරියේ දුව්රුම් දුන්හ.

    ඉන් අනතුරුව ජනාධිපති තුමා නව අමාත්‍යවරුන් අමතනු ලැබිය.

     

    ගරු අගමැතිතුමාගෙන් අවසරයි! අද දින පත් වුනු සියලුම නව අමාත්‍යවරුන්ගෙන් අවසරයි! සියලුම මන්ත්‍රී
    වරුන්ගෙන් අවසරයි!

    ප්‍රථමයෙන්ම අද දින දිවුරුම් දුන් සියලු දෙනාටම සුභ පැතුම් එක් කරන්නට කැමතියි. අපි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ අවස්ථාවේ දී සඳහන් කළා. අපිට හැකි වුණු ප්‍රථම අවස්ථාවේ දී ම මහා මැතිවරණයක් පවත්වා අපේ රජයක් පිහිටුවනවා කියන කාරණය. ඒ වෙනුවෙන් ජනවරමක් ඉල්ලුවා, එනිසා ප්‍රථමයෙන් අපිට ව්‍යවස්ථාවට අනුව ලැබෙන ප්‍රථම අවස්ථාවේ දී ම මහජනතාවගේ කැමැත්ත ඉල්ලා අපි මැතිවාරණයකට යනවා.

    එනිසා අපි මේ කාලය තුළ පිහිටුවා තිබෙන්නේ අන්තර් කාලීන ආණ්ඩුවක්.මේ කාලය තුල අපි පිහිටවූ ආණ්ඩුව ප්‍රධාන වශයෙන්ම අප විසින් ඉදිරි පත් කළ සැලැස්මේ මුලිකව අපි ජනතාවට පොරොන්දු වූ කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් සිමා වුණු රජයක්. ඒ නිසා තමයි අපි 15 දෙනකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කර ගනු ලැබුවේ.

    විශේෂයෙන්ම අද මහජනතාව විශාල බලාපොරොත්තු ඇතිවයි අපිව මේ මැතිවරණයේ දී විශිෂ්ට ජයග්‍රහණයක්ලබා දෙනු ලැබුවේ. අපි හමුවේ විශාල අභියෝග තිබෙනවා. මේ අභියෝග ජයගන්නට වගේම මහජනත්වගේ ඒ බලාපොරොත්තු අපි සම්පුර්ණයෙන්ම ඉටු කරනන්ට අවශ්‍යයි.

    අපි දන්නවා පසුගිය වකවානුව තුළ මේ රටේ මහජනතාව පැවතෙන දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් විශාල අප්‍රසාදයක් පවතින බව. එය අපි සියල්ලම දන්නා කරුණක්. එමෙන්ම, මෙම නව රජය එම සංස්කෘතියෙන් ඉවතට ඇවිත් ජනතාව බලාපොරොත්තුවන අලුත් යුගයකට යා යුතුයි. මේනිසා මෙම කාලය තුළ අපි උපරිම හැකියාව යොදවා එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනතාව වෙනුවෙන් පොරොන්දු වුනු ප්‍රධාන කරුණු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පුර්ණ සහය සියලු දෙනාගෙන්ම මේ අවස්ථාවේ දී බලාපොරොත්තු වෙනවා.

    විශේෂයෙන්ම, අපි අමාත්‍ය මණ්ඩලය 15 කට සිමා කළා. ඉන්පසු ඉදිරියේ දී එම අමාත්‍යවරුන් යටතේ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීමට නියමිතයි. අමාත්‍යවරුන් පත් කිරීමේ දී අමාත්‍ය මණ්ඩලයේ විවිධ අමාත්‍ය මණ්ඩල ලෙස පත් කර තිබෙන්නේ ලේකම්වරුන් සහිතව එම රාජ්‍ය අමාත්‍ය වරුන්ටත් ඔවුන්ගේ රාජකාරි හොදින් ඉටු කරන්නට හැකිවන අයුරිනි. එම රාජ්‍ය අමාත්‍යවරුන්ට ඔවුන්ට නියමිත රාජකාරි කරන්නට සහය ලබාදෙන ලෙස එම අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මක්නිසාද යත්, මින්පෙර පත් වු රාජ්‍ය අමාත්‍ය වරුන්ට ඔවුන්ගේ රාජකාරි ක්‍රියාත්මක කිරිමට ඔවුන්ට බලයක් නොමැති බව චෝදනාව තිබු බැවිනි. එම චෝදනාවට නැවත ලක් නොවන ආකාරයෙන් කටයුතු කිරීම උදෙසා රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ඔවුන්ගේ රාජකාරි ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

    තරුණ මන්ත්‍රීවරුන් විසින් කළ කැබිනට් මණ්ඩලය දී කරන ලෙස දුන් ඉල්ලීමට විශේෂයෙන්ම මම ස්තුති වන්ත වෙනවා. ඔවුන් මගෙන් ඉල්ලා සිටිය කුඩා ඇමති මණ්ඩලයක් පත් කරන ලෙස සහ සාර්ථකව රජය පරිපාලනයට සම්බන්ධ වන්නට ඔවුන්ටත් අවසථාවක් ලබා දෙන ලෙස. ඔවුන්ගේ එම ඉල්ලීම ඉතාමත්ම සාධාරණයි කියා මං හිතනවා.

    විශේෂයෙන්ම ඇමතිවරුන්ගෙන් සහ ඉදිරියේ දී පත් වීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව අපි කරන කටයුතු කරන්නා කියන කාරණය. විශේෂයෙන් සඳහන් කල යුතු කරුණු කිහිපයක් තිබේ.

    අමාත්‍යවරුන් යටතේ පවතින රාජ්‍ය ව්‍යවසායයන් සහ සංස්ථා වල බොහෝ ආයතන පාඩු ලබන ආයතන ලෙස පවතී. අපි එම ආයතන ලාභ ලබන භාණ්ඩාගාරයට බරක් නොවන සාර්ථක ආයතන කරන්නට අවශ්‍යයි. ඒ සඳහා එම ආයතනවල සභාපති, අධ්‍යක්ෂක තනතුරු සඳහා එම කාර්යය සඳහා හැකියාව ඇති සුදුසුකම් ඇති, වෘත්තීය නිපුණත්වයන් සහිත අධ්‍යක්ෂකවරු සභාපතිවරුන් පත් කර ගැනීමට අවශ්‍යයි.

    ඒ නිසා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි එම අධ්‍යක්ෂක මණ්ඩල පත් කර ගැනීම සඳහා තේරීම් මණ්ඩලයක් මඟින් තෝරා ගැනීමට කටයුතු කරනවා. ඒ ඒ ආයතන වල සුදුසු පුද්ගලයින් ඇත්නම් එම පුද්ගලයින්ගේ නම් මෙකි තේරීම් මණ්ඩලයට ලබා දෙන ලෙස අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙය ඉතාමත් වදගත් කාර්යක්ෂම හා ලාභලබන ආයතන බවට පත් කර ගැනීම සඳහා.

    එමෙන්ම, නිපුණත්වයක් අවශ්‍ය නොවන ඇබෑර්තු පිරවීමේදී එම තනතුරු ලබා දිය යුත්තේ දුප්පත්කමින් පහළම මට්ටමේ ඉන්නා අයටයි.දුප්පත් කමින් ඉහලට ගන්නට නම් එම දුප්පත් පවුල්වලට නිපුනත්වයක් නොමැති ඇබෑර්තු ලබා දිය යුතු වන්නේ.එම පුරප්පාඩු සඳහා ඉහළ සුදුසුකම් ඇති අය පත් කල හොත් එකී කාර්යය නිසියාකාරව සිදු නොවේ. එනිසා පෙර පරිදි මෙන් නොව, ඒ ඒ පළාත්වල සෑම ප්‍රදේශයකටම සෑම මන්ත්‍රීවරයෙකුටම එම පුරප්පාඩු පිරවීම සඳහා සමාන අයිතියක් ලබා දිය යුතුයි. ජනාධිපති කාර්යයාලයට ඒ බව දනවන ලෙස මෙහි දී සඳහන් කර සිටිනවා. සදුදා දින වන විට රාජ්‍ය අමාත්‍ය වරුන් පත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    අපි හැමදෙනාම දනන් පරිදි 19 වන සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩල සහ මුළු ප්‍රමාණයේ සීමාවක් පනවා තිබේ. ඒ සිමාව ඇතුළතයි මෙම ඇමති මණ්ඩල ලබා දීමට හැකියාව තිබෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම, අද පත් කල ඇමති මණ්ඩයේ පවා 15 දෙනකු තෝරා ගැනීමට අපහසුතාවයක් වුනි. නමුත් වඩාත් වැදගත් වන්නේ අපි ඉදිරියේ ඇත අභියෝග ජයගන්නට. ඒ නිසා මා හටත්, අගමැතිවරයාටත් සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට අවශ්‍යයි. ඒ සඳහාත් ඔබතුමන්ලාගේ සහාය ඉල්ලමින් නැවත වරක් නව අමාත්‍ය මණ්ඩලයට සුභාසිංසන එක් කිරීමට කැමතියි.

     

    ස්තුතියි!

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya