මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ව්‍යාපෘති කිහිපයක් ජනපති අතින් ජනතා අයිතියට

    ඔක්තෝබර් 31, 2019

    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පවරාදීම ඊයේ (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු අලිකොටආර ජලාශය, ඩයරබා ජලාශය, පුහුල්පොළ ජලාශය සහ හඳපානගල ජලාශය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ.

    අලිකොටආර ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 5,200ක් වන අතර, කරඳගොල්ල භූගත ජල විදුලි බලාගාරය මගින් මෙගාවොට් 120ක විදුලිය නිපදවීමට නියමිත අතර එය 2020 වසරේ දී සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිතය. එම ඉදිකිරීම් ද හෙට ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් වෙයි.

    උමා ඔය ද්‍රෝණියේ පාරිසරික හා අනෙකුත් ජල අවශ්‍යතාවලට බලපෑමක් ඇති නොවන අයුරින් එම ද්‍රෝණියේ සිට ජල ඌනතාවයෙන් පෙළෙන දක්ෂිණ කලාපයේ කිරිඳි ඔය ද්‍රෝණියට ජලය ඝන මීටර් මිලියන 145ක් හැරවීම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

    එමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය සහ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි නව ඉඩම් හෙක්ටයාර් 4,500ක් හා දැනට වගා කෙරෙන ඉඩම් හෙක්ටයාර් 1,500කට වාරි ජලය සැපයීමත්, ව්‍යාපෘතිය මඟින් ඉදිකෙරෙන මෙගාවොට් 120ක ධාරිතාවයෙන් යුත් භූගත විදුලි බලාගාරය මඟින් ගිගාවොට් 290ක විදුලිය නිපදවා ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමටත් ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කෙරේ.

    ඊට අමතරව ව්‍යාපෘති ප්‍රදේශයේ පානීය හා කර්මාන්ත සඳහා ඝන මීටර් මිලියන 30ක ජලය සැපයීම අපේක්ෂා කෙරෙන අතර, ඩයරබා හා පුහුල්පොළ ඉදිකෙරෙන ජලාශ මඟින් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල සහ ඇටැම්පිටිය ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතා සැපයීම ද ඊට ඇතුළත් වේ.

    ව්‍යාපෘතිය, මුලස්ථායි වැඩ සහ කිරිඳි ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහළ නිම්න සංවර්ධනය වශයෙන් ප්‍රධාන අංග දෙකකින් සමන්විත වන අතර එහි සමස්ථ පිරිවැය ඇ.ඩො මිලියන 514.5ක් සමඟ ශ්‍රී ලංකා රුපියල් මිලියන 15,474.25කි.

    ව්‍යාපෘතියේ මුලස්ථායි වැඩවල මුළු පිරිවැය ඇස්තමේන්තුව ඇ.ඩො මිලියන 514.5ක් සමඟ රුපියල් මිලියන 6,122ක් කි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya