අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා පරිමාණ කෘෂි ආයෝජන මඤ්ඤොක්කා වගා ව්‍යෘපෘතියේ සමාරම්භය සහ නව කර්මාන්ත ශාලාවට මුල් ගල් තබයි

    ඔක්තෝබර් 10, 2019

    ඇමරිකානු ඩොලර් මිලියන 40ක සෘජු විදේශ ආයෝජනයෙන් ශී‍්‍ර ලංකාවේ පළමු මහා පරිමාණ හරිත ආයෝජන ව්‍යාපෘතිය වන ග‍්‍රාමීය මඤ්ඤොක්කා නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට හඳුන්වා දෙන නව ව්‍යාපෘතියේ සමාරම්භය සහ නව කර්මාන්ත ශාලාවට මුල් ගල තැබීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධාන්තවයෙන්  (08) පස්වරුවේ පොළොන්නරුව, වැලිකන්ද, සිංහපුර ප‍්‍රදේශයේ දී සිදු කෙරිණි.

    ග‍්‍රාමීය ව්‍යවසාය ප‍්‍රවර්ධනයේ අභිනව යුගයක උදාව සනිටුහන් කරමින් ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ ස්ටාර්ච් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම හා ඒකාබද්ධව සම්ප‍්‍රදායික කෘෂි නිමැවුම් නැවුම් මුහුණුවරකින් විදේශ වෙළෙඳපොළට හඳුන්වාදීමේ අරමුණින් ව්‍යාපෘතිය කි‍්‍රයාවට නංවා තිබේ.

    ගොවි බිම් සරු කරන අක්කර 37,500ක මඤ්ඤොක්කා වගාවක්, රටපුරා විසිරී සිටින ගොවීන් විසි දහසකගේ අස්වැන්නට වෙළෙඳපොළක්, නවීන තාක්ෂණික යන්ත්‍රෝපකරණවලින් යුත් නිෂ්පාදනාගාරයක් මෙමගින් රටට හිමිවන අතර මෙම ව්‍යාපෘතිය විදේශ විනිමය රටට ගලා එන නව අපනයන මූලාශ‍්‍රයකි.

    නව කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

    උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ද ස්ටාර්ච් ඉන්ඩස්ටි‍්‍රස් පුද්ගලික සමාගමේ සභාපති ඇන්ඩි‍්‍රයාස් වයික් මහතා ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya