අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය වෘත්තීය සමිති ජනපති හමුවෙයි

    ඔක්තෝබර් 08, 2019

    වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් (07) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.

    මෙහි දී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ පොදු මහජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් තම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සියලු වෘත්තිකයන්ගේ වගකීම බවයි.

    වැඩ වර්ජනය අවසන් කරන ලෙස මෙහි දී දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනුම් දුන් ජනාධිපතිතුමා, ඉන් අනතුරුව ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ සලකා බලමින් ඒවාට ලබාදිය හැකි විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තම මැදහත්වීම සිදුකරන බව ද කියා සිටියේ ය.

    ඕනෑම ගැටලුවකට සාකච්ඡා මඟින් විසඳුම් ලබාගත හැකි අතර කිසිඳු අවස්ථාවක පොදු මහ ජනතාව පීඩාවට පත් නොකළ යුතු බව ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya