මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ICCSL සහ CIMA ආයතනයන් මගින් වඩා ඇගයීමට ලක්කළ ශ්‍රී ලංකාවේ ආයතන 10 ක් සදහා තිළිණ ප්‍රදානය කරයි

    සැප්තැම්බර් 27, 2019

    ICCSL සහ CIMA ආයතනයන් මගින් වඩා ඇගයීමට ලක්කළ ශ්‍රී ලංකාවේ ආයතන 10 ක් සදහා තිළිණ ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25)  කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණි.

    මෙහිදී රාජ්‍ය තාන්ත්‍රිකභාවය, නවෝත්පාදන හා ව්‍යවසායකත්වය යන ක්ෂේත්‍ර තුන ඔස්සේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ නායකයන් අගයමින් සම්මාන ත්‍රිත්වයක් ද අග්‍රාමාත්‍යතුමන් අතින් පිරිනැමීම සිදු විය.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික නායකයින්, කථානායක කරූ ජයසූරිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක, ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සංදු, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි යන මහත්ම මහත්මීන් සහ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් රැසක් සහභාගි වී සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya