අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට ගොඩනැගීමේ වැඩපිළිවෙළේ දී විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත‍්‍රවල සහාය වඩා දැඩිව අවශ්‍යව ඇති බව ජනපති පවසයි.

    සැප්තැම්බර් 25, 2019

    විශ්වවිද්‍යාලවලින් පිට වන උපාධිධාරින් රැුකියා ඉල්ලා මහපාරේ උද්ඝෝෂණය කරන ක‍්‍රමයක් රටේ ඇතිවී තිබෙන්නේ විද්‍යාවෙන්, තාක්ෂණයෙන් හා පර්යේෂණවලින් බැහැර වූ අධ්‍යාපන ක‍්‍රමය නිසා බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.


    එබැවින් ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තිවල අවශ්‍ය මූලික වෙනස්කම් සිදුකරමින් ලෝකයේ දියුණු රටවල නව අධ්‍යාපන ක‍්‍රම රටට හ`දුන්වාදීම සහ කි‍්‍රයාත්මක කිරීම ඉතා අවශ්‍ය බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ අද (25* පෙරවරුවේ පොළොන්නරුව ගල්ලෑල්ල ජාතික කී‍්‍රඩාංගණයේ දී ආරම්භ කෙරුණු ර්‍ණශිල්ප සේනා” ප‍්‍රදර්ශනයේ දෙවන අදියරේ සමාරම්භක උත්සවය අමතමිනි.
    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ශිල්ප සේනා ප‍්‍රදර්ශනයේ දෙවන අදියර දැනුම, නව නිපැයුම් සහ විනෝදාත්මක අංග රැුසක් සමගින් අද සිට 29 වනදා දක්වා පොළොන්නරුව ගල්ලෑල්ල ජාතික කි‍්‍රඩාංගණයේ දී පැවැත් වේ.
    මෙහි සමාරම්භක අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ස`දහන්් කළේ ලෝකය දියුණු වන්නේ පර්යේෂණ ම`ගින් ඇතිවන විද්‍යාවේ හා තාක්ෂණයේ නව නිපැයුම් සම`ග බවයි.
    කාලගුණික හා දේශගුණික විපර්යාස හේතුවෙන් අපේ රටේ ජනතාවට මුහුණදීමට සිදුව ඇති අභියෝග ජය ගැනීම ස`දහා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත‍්‍රයේ සහාය වඩා තදින් දැනී ඇති මෙම යුගයේ ඒ පිළිබ`ද ක්ෂේත‍්‍රයේ විද්වතුන්ගේ ප‍්‍රමුඛ අවධානයක් යොමු වීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.
    දේශපාලන ක්ෂේත‍්‍රයේ මෙන්ම විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත‍්‍රවල ද බොහෝ පිරිසක් රට ගැන නොසිතා තමන් ගැන පමණක් සිතා කටයුතු කිරීම රටක් ලෙස සංවර්ධනය කරා යන ගමනේ දී ප‍්‍රබල අභියෝගයක් වී ඇති බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ නිදහස් අධ්‍යාපනය ලබන විද්වතුන් රට ගැන නොව තමන් ගැන පමණක් සිතා රට හැරයාම හේතුවෙන් ඉංජිනේරු, වෛද්‍ය සහ ගණකාධිකාරි සේවාවල රටට අවශ්‍ය විද්වතුන් ප‍්‍රමාණයවත් රටට අහිමිව තිබීම බලවත් ගැටලූවක්ව පවතින බවයි.
    ර්‍ණසවිමත් දෑතින් පොහොසත් රටක්” තේමාව යටතේ පැවැත්වෙන ශිල්ප සේනා ප‍්‍රදර්ශනය මූලික වශයෙන් තාක්ෂණ කලාපය, ව්‍යවසායකත්ව හා රැුකියා වෙළෙ`දපොළ, නවෝත්පාදන කලාපය, නීලහරිත කලාපය සහ විනෝදාත්මක කලාපය ලෙස කලාප පහකට වෙන් කොට තිබේ.
    තාක්ෂණ කලාපයේ දී ීඔෑඵ අධ්‍යාපනය, අභ්‍යාවකාශ තාක්ෂණය, ජීව තාක්ෂණය, රොබෝ තාක්ෂණය සහ නැනො තාක්ෂණය, ස්නායු තාක්ෂණය, කෘතිම බුද්ධිය, මෙකාට්‍රොනික්ස්, නව බලශක්ති, නීල හරිත තාක්ෂණය 5ඨ ෂධඔ ප‍්‍රධාන තේමාවන් දොළහක් යටතේ නවීන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ විෂය දැනුම සම්පේ‍්‍රෂණය කිරීම සිදු කෙරේ.
    ශිල්ප සේනා ප‍්‍රදර්ශනයේ නවෝත්පාදන කලාපයේ මෙරට නිර්මාණ ශිල්පීන් බිහිකළ නව නිපැයුම් 250කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රදර්ශනය කෙරන අතර, එම නිර්මාණ වාණිජකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වේ.
    ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට එක් වූ අතර කාර්යමණ්ඩල සම`ග සුහද කථා බහක ද නිරත විය.
    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටිගේ මහතා ඇතු`ථ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya