අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරුවක්කාලු අංගයනයෙන් කසළ ප්‍රතිචක්‍රියකරණ වැඩපිළිවෙල

    සැප්තැම්බර් 18, 2019

    දිවයිනේ බරපතල සමාජ හා ආර්ථික ගැටළුවක් බවට පත් වී ඇති කලි කසළ රටට ඵලදායි සම්පත් ලෙස භාවිත කර ගත හැකි නව තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනය කරමින් අරුවක්කාලු කසළ පවිත්‍රාගාර අංගනය මඟින් බහුවිධ සංවර්ධන ක්‍රියාවලියක් අරඹා ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න වලට පිළිතුරු දෙන අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කසළ මඟින් ජනනය වන අපජලය විද්‍යාත්මක අන්දමින් බැහැර කළ හැකි ක්‍රමවේදයක් ද එමඟින් ක්‍රියාත්මක වන බව පැහැදිළි කළේය.

    කොළඹ නගරයේ ගොඩගසන කසළ සියල්ලම මෙම අරුවක්කාලු පවිත්‍රතා අංගනය වෙත දුම්රිය මඟින් ප්‍රවාහනය කිරීමේ කටයුතු මාර්තු මාසය වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද රණවක මහතා කිවේ ය.

    නාගරික කසළ සමස්තයක් ලෙස ප්‍රතිචක්‍රියකරණය කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන් ඇමතිවරයා මෙබඳු වැඩපිළිවෙලක් මිට පෙර නොපැවතීම නිසා නාගරික සංවර්ධන අධිකාරියට අයත් ව තිබූ මීතොටමුල්ල කසළ අංගනය මඟින් මහත් විනාශයක් සිදු වූ බව ද පෙන්වා දුන්නේය.

    එම භුමිය නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා ඇති වූ අර්බුදයෙන් ජිවිත 34 ක් විනාශ වූ බව ද පැවසූ රණවක මහතා කෙසේවුව ද, වත්මන් රජය යටතේ පීඩා විඳි මීතොටමුල්ල ප්‍රදේශයේ ජනතාවට සහන සළසමින් ඔවුන්ට උචිත නිවාස පහසුකම් සැලසීමට රජයට හැකි වූ බව ද ප්‍රකාශ කළේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya