අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සදහම් යාත‍්‍රා 54 වැනි දම් සභාව මාතර අකුරැස්ස ගොඩපිටිය ජේතවන රජමහා විහාරස්ථානයේ දී

    සැප්තැම්බර් 14, 2019

    සෑම පුන් පොහෝ දිනකම දිවයිනේ ප‍්‍රසිද්ධ විහාරස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ 54 වැනි දම් සභාව බිනර පුන් පොහෝ දින යෙදී ඇති   (13) දින ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් මාතර අකුරැස්ස ගොඩපිටිය ජේතවන රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

      විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති, ගිරුවාපත්තුව ඇතුළු ගාලූ මාතර දෙපළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක ධර්ම කීර්ති ශ‍්‍රී සරණපාල පූජ්‍ය අගලකඩ රතනපාල නාහිමිපාණන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත්තේ ය.

    රුවන්වැල්ල දම්සක් විහාරයේ ප‍්‍රධාන අනුශාසක පූජ්‍ය ගම්පහ මහානාම ස්වාමීන්ද්‍රයන්වහන්සේ මෙවර ධර්ම දේශකයාණන් වහන්සේ වූ අතර, එම ධර්ම දේශනය ශ‍්‍රවණය කිරීමට ජනාධිපතිතුමා සහභාගි විය.

    දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ ප‍්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya