අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ 2019 ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 13, 2019

    ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය කිරීමට උරදුන් ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ 2019 ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්   (12) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    2018 වසරේ ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයට ස්වකීය විශිෂ්ට නිර්මාණ දායකත්වයෙන් කළ සේවාව අගය කරමින් ලේඛක ලේඛිකාවෝ රැසක් මෙහිදී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ.

    මීට අමතරව ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට අනුපමේය සේවාවක් කළ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය සාහිත්‍ය නිර්මාණකරුවන් තිදෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍ය රත්න ගෞරව සම්මානය පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර සිංහල මාධ්‍ය වෙනුවෙන් මහාචාර්ය වෝල්ටර් මාරසිංහ මහතා ද, දෙමළ මාධ්‍ය වෙනුවෙන් අයියතුරෛ සාන්තන් මහතා ද, ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන් කමලා විජයරත්න මහත්මිය ද සම්මානයෙන් පිදුම් ලැබූහ.

    හොඳම ස්වතන්ත්‍ර සිංහල නවකතාවට හිමි සම්මානයෙන් ර්‍ණමකරානන්දය” නවකතාව රචනා කළ විරාජිනි තෙන්නකෝන් ලේඛිකාව පිදුම් ලැබුවාය.

    හොදම ස්වතන්ත්‍ර ඉංග්‍රීසි නවකතාවට හිමි සම්මානය ර්‍ණණ්නසහ්බ” නවකතාව වෙනුවෙන් එල්මෝ ජයවර්ධන මහතාට හිමි විය.
    හොදම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය ර්‍ණඅලුවාකරෛ” නවකතාව වෙනුවෙන් එස්.ඒ උදයන් මහතා ලබා ගන්නා ලදී.

    මේ අතර වසරේ විශිෂ්ටතම කාව්‍ය නිර්මාණ ග්‍රන්ථය වෙනුවෙන් පිරිනැමුණු රාජ්‍ය සාහිත්‍ය සම්මානය නන්දන වීරසිංහ මහතා රචනා කළ ර්‍ණක්ෂණ නියාම” කාව්‍ය සංග්‍රහයට හිමි විය.

    රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සම්මාන උලෙළ වාර්ෂික ව සංවිධානය කරනු ලබයි.

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඞ් වසන්ත, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුශා ගෝකුළ ප්‍රනාන්දු, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ආරියරත්න කලුආරච්චි, රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන්ත හේරත් යන මහත්වරුන් සහ විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සම්මාන උලෙළට එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya