නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ බස්නාහිර පළාත් සමුථව ජනපති ප්‍රධානත්වයෙන් 

    ජූලි 01, 2019

    ජූනි 26 වනදාට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීතිවිරෝධි ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය තේමා කර ගනිමින් ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ජූනි 23 වනදා සිට අද දක්වා වූ සතිය ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර එහි සමාප්ති අවස්ථාව සහ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ බස්නාහිර පළාත් සමුථව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දි පැවැත්විණි. 


    මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා ශ්‍රී ලංකා පොලිසිය එක්ව පිළියෙළ කළ මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ ජාතික සමීක්ෂණ වාර්තාව ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. 

    මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුථ මැති ඇමතිවරුන් ද, රාජ්‍ය නිලධාරින්, පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන්. ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින්, ප්‍රජා සංවධාන සහ සිවිල් සංවිධාන නියෝජිතයන්, බන්ධනාගාර රැදවියන්, පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පිරිස් මෙන්ම මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරයේ රියදුරන්, රිය සහායකයන් ඇතු`ථ සමාජයේ විවිධ පාර්ශ්ව නියෝජනය කරමින් විශාල පිරසක්  මෙම සමුථවට සහභාගී වි සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya