අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ටජිකිස්ථාන ජාතික කෞතුකාගාරයේ නිරික්ෂණ චාරිකාවක ...

    ජූනි 15, 2019

    ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුවට සහභාගීවීම සඳහා ටජිකිස්ථානයේ දුෂාන්බේ නගරයට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ(14) පෙරවරුවේ එරට ජාතික කෞතුකාගාරයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    කෞතුකාගාරය කුඩා හා විශාල ප්‍රදර්ශන ශාලා රැසකින් සමන්විත වන අතර එය සොබාදහම, පෞරාණිකත්වය, මධ්‍යතන යුගය, නවීන හා සමකාලීන ඉතිහාසය සහ ලලිත හා ව්‍යවහාරික කලාවන් ප්‍රදර්ශනය කරයි. කෞතුකාගරයේ ආකෘතිය ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් වූ අතර එහි තැන්පත් කර ඇති වසර දහස් ගණනක් ඉපැරණි සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව ද ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයකට ලක් විය.

    අනතුරුව ජනාධිපතිතුමා කෞතුගාරයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya