අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායිලන්ත මහානායක හිමි ඇතුළු දූත පිරිස ජනපති හමුවෙයි

    මැයි 27, 2019

    රී ලංකාවට වැඩම කර සිටින තායිලන්ත මහානායක හිමිවරුන් ඇතුළු බෞද්ධ දූත පිරිස ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

    පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට මුහුණ දෙමින් යළි නැගී සිටින ශී‍්‍ර ලංකාව පිළිබඳ තම සතුට පළ කළ දූත පිරිස, සහෝදර බෞද්ධ රටක් ලෙස හැම විට ම තමන් ශී‍්‍ර ලංකාව සමග සිටින බව සඳහන් කළහ.

    උන්වහන්සේලාගේ වැඩමකිරීම පිළිබඳ සිය සතුට පළ කළ ජනාධිපතිතුමා බෞද්ධ රටවල් ලෙස ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇති දිගු කාලීන සමීප සබඳතාවය ද මෙහි දී සිහිපත් කළේය.

    Phra Bhawanakhemakhun wat Maheyong හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන්, තායිලන්ත මහානායක හිමිවරුන් ඇතුළු 70 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස පසුගිය 21 වන දා ශ‍්‍රී ලංකාවට පැමිණි අතර පසුගිය දින කිහිපයේ දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක සංචාරය කරමින් වෙසක් සැමරුම් දැක බලා ගැනීමට ද එක් විය.

    එමෙන් ම නැගෙනහිර පළාතේ විහාරස්ථාන රැුසකට බුද්ධ ප‍්‍රතිමා වහන්සේ පූජා කිරීමට ද මෙම දූත පිරිස කටයුතු කළහ.

    තායි බෞද්ධ දූත පිරිස සහ ජනාධිපතිතුමා අතර හමුවට තායි ශී‍්‍ර ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විහාරාධිති පූජ්‍ය රාස්සගල සීවලී නායක හිමිපාණන් වහන්සේ ද වැඩම කර සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya